IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගල් අඟුරු ටෙන්ඩරයෙන් දූෂණයකට පාර කැපිලා

(සුජිත් හේවාජුලිගේ)

ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම්  නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට  පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ "උත්තරය අපි" තේමාව යටතේ   පොළොන්නරුව, බැඳිවැව  සුජා හෝටල් ශාලාවේ  අද (28) පැවති  සම්මන්ත්‍රණයේදීය.

පුබුදු ජයගොඩ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කළා. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ ට්‍රයිඩන්ට් චෙම්පර්   නම් සමාගමට හිමිවුණා.  ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාද කියන සැකය මතුවෙනවා.

ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ.

නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා සියයට 90කින් අඩු කරලා. මේක පැහැදිලිවම  සැක සහිතයි.

අනෙක මේ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා. 

පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය දුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් - ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් - ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ  දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක  වෙනවා.

 



අදහස් (5)

ගල් අඟුරු ටෙන්ඩරයෙන් දූෂණයකට පාර කැපිලා

අරවින්ද මොණරවිල Monday, 29 September 2025 09:44 AM

මෙට්‍රික් ටොන් තිස් දාහක් ගන්න මෙට්‍රික් ටොන් දස ලක්ෂයක සංචිත තියෙන සමාගම් වලට පමණක් ලංසු තබන්නට ඉඩ දීමෙන් තමයි දුෂණයට පාර කැපෙන්නේ කියලා පුබුදුට හැර ඕනම මිහරකෙක්ට තේරෙන කාරණයක් කියලා පෙරට්ටන්ගේ පස්සේ යන සහෝදරවරුන්ට නොතේරෙනවද මන්දා....

:       7       14

මැක්ස් Monday, 29 September 2025 11:07 AM

මොණරවිල පන්නයේ සෝදන්නන්ට හැර පෙරටුගාමීන් ඇතුලු අනෙක් සියලු දෙනාට පැහැදිලිව පෙනෙන්නේ ජාජබ ආංඩුව මේ වන විට සියලු ගනුදෙනු සිදු කරන්නේ මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ යන පිරුළට ගැලපෙන ලෙස බවයි.

:       12       7

සමන් විමල් Monday, 29 September 2025 01:10 PM

පෂ්චාත්භාගය දිවෙන් සෝදන මොනරෙකුට හැර අනෙකෙකුට මේක ජාජාබ ගැහිල්ලේ තවත් එකක් පමණක් බව වැටහේ.

:       9       5

ගුණරත්න Monday, 29 September 2025 04:38 PM

ඒ විතරක් නොවේ ප්‍රමාද වෙලා තමයි ගල් අඟුරු ටෙන්ඩර් එක කෝල් කර තිබෙන්නේත් කියලා අහන්න ලැබුණා...

:       1       2

ගුණරත්න Monday, 29 September 2025 04:38 PM

ඒ විතරක් නොවේ ප්‍රමාද වෙලා තමයි ගල් අඟුරු ටෙන්ඩර් එක කෝල් කර තිබෙන්නේත් කියලා අහන්න ලැබුණා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site