
(යොහාන් භාසුර)
ආන්දෝලයට ලක්ව ඇති ගල් අඟුරු ටෙන්ඩරය යටතේ ලැබුණු ගල් අගුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ලබන අප්‍රේල් මාසයට පෙර මෙම වසරට අවශ්‍ය ගල් අගුරු ප්‍රමාණය ආනයනය කළ නොහැකි තත්වයත් උද්ගතවී ඇති බවත් එසේ වුවහොත් රට දැඩි බලශත්කි අර්බුදයකට පත්වන බවත් විදුලිබල ක්ෂේත්රය පිළිබඳව විශේෂඥයෝ පවසති.
ශ්‍රී ලංකාවට මෝසම් වැසි ආරම්භ වීමට පෙර අවම වශයෙන් මාර්තු මැද භාගය වන විට ගල්අගුරු මිලදී ගැනීම් අවසන් කළ යුතු බවත් අප්‍රේල් මස සිට සැප්තැම්බර් මාසය දක්වා මුහුදේ රළු තත්වය හේතුවෙන් ගල්අගුරු ගොඩබෑම කළ නොහැකි බවත් ප්‍රවීණයෝ පවසති.
මෙරට විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙටි්රක්ටොන් 60,000 ක් හෙවත් කිලෝ කෝටි 6 ක ප්‍රමාණය අවම වශයෙන් නැව් 38 ක් ලෙස රැගෙන ආ යුතු බවත් එම ප්‍රමාණයෙන් මේ වන විට නැව් තුනක් පමණක් ලැබී ඇති බවත් ඔවුහු පවසති.
එම ටෙන්ඩරය යටතේ ලැබුණු තෙවැනි තොගය ද ප්‍රමිතියෙන් තොර යැයි නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පරීක්ෂාණාගාරය තහවුරු කර ඇති බවත් තවත් ගල් අගුරු නැව් තුනක් මෙරට ළගාවෙමින් ඇති බවත් වාර්තා වේ.
තුන්වැනි නැවෙන් ගොඩබෑ ගල් අගුරු තොගයෙන් කොටසක් පසුගිය 21 වැනිදා විදුලි නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති අතර එහිදී මෙගාවොට් 300 වෙනුවට මෙගාවොට් 240 ක පමණ විදුලියක් ලැබී ඇති බවත් එසේ විදුලි ප්‍රමාණය අඩුවීමට හේතුව ගල් අගුරවල ප්‍රමිතිය අඩුවීම යැයි ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවරු සටහන් තබා ඇති බවත් එම බලාගොරයෙන් දැනගන්නට තිබේ.
මෙරට විදුලි පරිභෝජනයෙන් තුනෙන් එකක් නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරයේ නිෂ්පාදනය කරන අතර එම ජනන යන්ත්‍ර තුනේ විදුලිය අඩුවුවහොත් දැඩි අර්බුදකාරී තත්වයකට පත්වේ.
කෙසේ වෙතත් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පරීක්ෂාණාගාරයේ පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කිරීම හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන්ට නිකුත් කිරීම හෝ අත්හිටුවා ඇති බවත් බාල ගල් අගුරු ආනයනය කරන්නේ යැයි චෝදනා එල්ල වී ඇති සමාගමෙන් එවූ තවත් නැව් තුනක් ඉදිරි දින දෙක තුළදී මෙරටට ළගාවීමට නියමිත බවත් වාර්තා වේ.
මෙම තත්වයට විසඳුමක් ලෙස ලංකා කෝල් සමාගම විසඳුම් දෙකක් ලෙස ගල් අගුරු නැව්ගතකිරීමට පෙර ප්‍රමිතිය පරීක්ෂා කිරීමට සාම්පල් පරීක්ෂා කිරීමට සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට සහ හදිසි මිලදීගැනීම කෙරෙහි අවදානය යොමු කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය සමාගමකට මෙරටට දකුණු අප්‍රිකාවෙන් ගල් අගුරු ආනයනය කිරීමට ටෙන්ඩරය ප්රදානය කිරීම සහ එම ගල් අගුරුවයල ප්රමිතියව පිළිබඳව මීට මාස කීපයක සිට දැඩි විවේචනයක් එල්ල වූ අතර පසුගිය සති දෙකේදී එය දැඩි විවේචනයක් බවට පත්විය.
එම සමාගම ආනයනය කළ ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පරීක්ෂාණාගාරයේ ප්‍රමිතියෙන් තොර යැයි තහවුරු වීමෙන් පසුව සැපයුම්කරු එය පිළිනොගැනීම නිසා ඉන්දියාවේ ප්‍රධාන පරීක්ෂණාගාරයකදී පරීක්ෂාවට ලක්කළ අතර එහිදී ද එම ගල් අගුරු ප්‍රමිතියෙන් තොර යැයි තහවුරු වී ඇතැයි වාර්තා වේ.
එම තත්වය හේතුවෙන් පළමු නැව සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක දඩයක් පනවා ඇති අතර ඊට පසු ලැබුණු නැව් දෙක පිළිබඳව ඉදිරි පියවර රජය මේ දක්වා ප්‍රකාශ කර නොමැත.
විදුලි ජනනය සඳහා ආනයනය කළ ගල් අඟුරුවල ගුණාත්මක ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් උද්ගත වී පෙබරවාරි වනවිට ටෙන්ඩර් කැඳෙව්වත් මෙවර එය ජුලි දක්වා කල් ගිය බවත් එම කාලය තුළ ටෙන්ඩරය ලැබුණු සමාගම ලියාපදිංචි වී ඇති බවත් චෝදනා එල්ල විය.
ටෙන්ඩරය ප්‍රමාද කිරීමෙන් එම සමාගමට ලියාපදිංචි වීමට ඉඩ දීමට ද ගැටලු මතුවන අතර එම සමාගමේ වෙළඳ අත්දැකීම් පිළිබඳව ගැටලුවක් ඇති බවත් පාර්ශව රැසක් සැක පළකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනර්ජනනීය බලය, සුළං, සූර්ය, බලයට විරුද්ධවන ඉංජිනේරුවන්ද මෙයට වගකිවයුතුයි. ඒ අය ඉල්ලා අස්වෙලා පුලුවන් අයට වැඩ බාරදෙන්න. ගල් අඟුරු මත තවදුරටත් යැපීම නොකල යුතුයි
හානවා අපි හානවා හොදටම අපි හානවා
ජෙප්පො කරන්නේ ඉන්දියානු කොන්ත්‍රාත් එකක්. ලංකාවේ අර්බුද හදලා තනියම නැගිටින්න බැරි විදිහට වහල් රාජ්‍යයක් කරන එක තමයි ඉන්දියාවේ අරමුණ. දෙවන යහපාලන යුගය අවසානයේ නැවත ජාතිකවාදී රජයක් බලයට ආවත් ඒ. එක්කම ආර්ථික අර්බුදයකුත් මේ අය සැලසුම් කරලා තියෙනවා. බඩ මූලික සිංහල මෝඩයෝ ඉන්න පාලකයා එලවනවා. මොකද මොවුන්ට මොළයක් නෑ.
බිල්ලො මැවිම දැන් පත්තර කලාවක් වෙලා
කවුද මේ නම් කියන්න බැරි විශේෂඥයෝ? වෘත්තීය සමිති කාරයෙක් වෙන්න ඇති නේද?
මොවුන් කම්බ හොරු ඇරියස් එකත් එක්ක ගේම දෙනවා...
ගල් අගුරු තත්වයෙන් බාල බව හෙලිවෙලා තියෙනවා, ඒ වාගෙම ඒකට දඩයක් පනවල තියෙනවා. නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙලා තියෙන්නේ
හෙට තරගය දිනන්න ඕන නම් යාලුවන්ට අමතරව තව දෙන්නෙක්වත් වැඩිපුර ක්‍රිඩා කරවන්න වෙනවා.....ශම්මිට කියලා ICC එකට ලියුමක් දාලා අපිට තියෙන ප්‍රශ්න කියලා 13 ක් පිටියේ ඇතුලේ ක්‍රිඩා කරන්න ඉල්ලපන්....." ICC, ගරු මහත්මයානනි, මාගේ සහ අප ක්‍රිඩකයන්ගේ අහවල් ඉන්ද්රිය ඉන්දියානු වන්ගේ ගුරුකම් හේතුවෙන් නිරත්තරයෙන් ක්‍රියාකාරි වන බැවින් එවා පිටකිරීට අවශ්‍ය අමුද්‍රවය සෙවිමට වැඩි කාලයක් ගතවූ බැවින් තරග දිනිමට හැකියාව ඇති ක්‍රිඩකයන් සොයා ගැනිමීට නොහැකි විය .....එමනිසා නම්බුව බේරා ගැනිමට එම ක්‍රිඩකයන් ඉවත් නොකර අලුත් ක්‍රිඩකයන් යෙදවිමට සිදුවී ඇති බැවින් අලුත් ක්‍රිඩකයන් දෙදෙනකු ක්‍රිඩා කරවිම සදහා ඉඩ සලසා දෙන මෙන් ඉලලා සිටිමි....තවද ලෝක කුසලානය සදහා පැමිනෙන ඔබතුමාලා වෙනුවෙන් මල් පාර ගොඩනැගිල්ලේ ඇති පැරනි ඇදන් ඉවත්කර අලුත් ඇදන් සහ අලුත් කාන්තාවන් වෙනුවෙන් විශාල වියදමක් දැරිමට සැකසුම්කර තිබේ.....මාගේ ගෝලයන් ක්‍රිකට් ගසන විට ඔබතුමන්ලාට රතී ක්‍රිඩාව කිරිමේ පහසුකම් සැපයිම යන වියදම රුපියල් 13,700,000 සුලු මුදලක් බැවින් මාගේ ඉල්ලිම ඉටු කර දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි...මේ සියලු මුදල් දේන්නේ එකම හිමිකරුට අයිති සමාගමකටම නිසා අනිවාර්යයෙන් තත්ව සහතිකය හිමිය