(රංජන් කස්තුරි)
ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී රාජකාරී කිරීමට අවස්ථාව ලබාදී ඇති හෙයින් ගුරුවරියන්ට ද එවැනි සහනයක් ලබා දෙන්නැයි ලංකාගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීටර දහයක සාරියක් පටලවාගෙන කරන මේ විගඩම් අවසන් වුණොත් තමයි ගුරුවෘත්තියත් ගුරු ජීවිතයත් පහසු වෙන්නේ. ඇඳුමක් කියන්නේ අපේ රටට, රටේ කාළගුණයට ගැළපෙන දෙයක් මිස වෙන මොකක්ද?
තාක්ෂණික අංශයේ රැකියාවේ නියුතු අම්මලාට සාරි, ගවුම් ඇඳන් ඇඳන් එන ලෙස ඇතැම් පාසල් කියනවා. ඒක ඒ අයට හිරිහැරයක්... මොකද රැකියාවකට යනකොට දිගකලිසම් අඳින්න වෙනවා.
ඉස්සෙල්ලා ළමයින්ට හරියට උගන්වලා ඉන්න කියන්න.
දෙමව්පියන්ටත් පාසලට පැමිණෙන කොට සාරි අඳින්න කියලා බලකරන රජයේ පාසල් බොහෝමයක් තියෙනවා. මේ ගොන් පාට් වහාම නවත්තලා දාන්න ඕනේ.. හණමිටි අදහස් තියෙන පාලකයෝ හැමතැනකම ඉන්න නිසා ලංකාව එක තැන පල්වෙනවා.
අධ්‍යාපන ක්‍රමය හා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්න කෝටියක් තියෙද්දි ඩ්‍රෙස් කෝඩ් එක ගැනද තමුන්නැහලට තියෙන ලොකුම ප්‍රශ්නෙ.
මේ මනුස්සය මොන රෙද්දක් හරි ඇදලා ගන්න තමයි හැම තිස්සේම හිතන්නේ. ඒ ගමන සාරි ප්‍රශ්නයක්.
අමුඩයක් ගැස්සුවොත් නරකයිද?
අනේ මේ වගේ හරකෙක් ගුරුවරයෙක් වුණේ ළමයින්ගේ පවට.
මේ මනුස්සයාට පිස්සු දැන් ගුරුවරියන්ගෙ සාරි ගලවන්න හදන්නනෙ බූරු අදහස් නෙ.
හොඳ වෙනසක්.සාරියට වඩා සංවර ඇඳුම් ඕන තරම් තියෙනවා.
සාරියට වඩා බුර්කාව හොඳයි.බුර්කාවට විරුද්ධ මහත්තුරු සාරියට වඳින අයුරු......