
(ඩී.ජී.සුගතපාල)
ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම විදුහලේ 7ඩී.ශ්‍රේණියේ 11 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවාගේ පියා රෝගාතුරව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් කියයි.
සිසුවා අද දිනයේදී සෞඛ්‍ය පොත ගෙනැවිත් නොමැති බව පවසා පහරදිම සිදුකර ඇති බවත් එහිදි සිසුවාගේ කණට බර පතල හානි සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවෘත්තියේ යෙදී සිටින මෙවැනි මානසික රෝගීන් ඉන් ඉවත්කළ යුතුයි.
ගුරු සුනඛයෙක්
ගෙවල්වල පීඩනය දරුවන්ට මුදා හරින ගුරු සුනඛයෙක්
මගේ දරුවෙකුට උනු දාක ඒ දේම ඉටු කරනවා,ඇස් දෙක පල්ලා.
සමහර කාලකන්නි ගහන්නේ නැතිව හදන්න බැහැ , සමහර වෙලාවට හොඳට කන රත්වෙන්න දෙකක් දෙන්න වෙනවා
මොනව වුණත් එයා දරුවෙක්.
මා ජීවත්වෙන මෙරටෙහි, පාසල් දරුවන්ට ශාරීරික දඩුවම් දීමක් සිදුවන්නේ නැහැ. එවැනි දඩුවම් දීම ගුරුවරුන්ට සම්පුර්ණයෙන්ම තහනම්. අහම්බෙන් හරි පාසලක එවැනි තත්වයක් ඇති වුවහොත් ගුරාට විරුද්ධව අභ්‍යන්තර විනය පරීක්ෂණයකුත්, දරුවාගේ දෙමාපියන් විසින් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පුළුවන් නිසා මෙවැනි දඩුවම් මෙහි විරලය. ශ්‍රී ලංකාව තවමත් ගෝත්‍රික යුගයේ පාසල් ඇති රටක්ද ?