(රංජන් කස්තුරි)
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රදේශ හතරකින් කොළඹට රථ පෙළපාලියකින් පැමිණෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි.
මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අලසින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල විදුහල අසලින් සහ ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාළි ආරම්භ කරන බව ද එම සමිති සන්ධානය සඳහන් කරයි.
රථ පෙළපාළිය අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන අතර දහවල් 12ට පමණ කොළඹට පැමිණ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරන බව ද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේක නම් කරන්න එපා... කියලයි.
හෙට ටිකක් ආණ්ඩුව සැරට ඉඳියි... හැමදාම බැහැනේ බලාගෙන ඉන්න.
කොරෝනා වෛරසය සීඝ්රයෙන් පාලනයකින් තොරව පැතිර යන්නා වූ අවස්ථාවක, වෛද්‍ය උපදෙස්, සංචරණ සීමාවන් නොතකා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් නීතියට අවනත නොවී කරගෙන යන්නා වූ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කරන්නා වූ උද්ඝෝෂණ සහ රථ පෙළපාලි නිසා අවසානයේ සිදුවන්නේ සීඝ්‍රලෙස කොරෝනා වැඩිවීමක් සහ විශාල වශයෙන් මරණ වැඩිවීමක් හැර වැටුප් වැඩිවීමක් නොවන බව අවබෝද කරගන්න. වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින්, නායකයින් රටේ ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳව කිසිඳු තැකීමක් නොකර කරන්නා වූ මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් නිසා මේ අවස්ථවේ නීතිය මැදිහත් වීමක් ජනතාව බලාපොරොත්තු වේ. පළමුව වෛරසය පාලනය කොට දෙවනුව වැටුප් වැඩිකිරීම් පිළිබඳව සලකා බැලීමට වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන්, නායකයන් සූදානම් නොමැතිනම් කඩාකප්පල් කාරී උද්ඝෝෂණ නැවතීමට නීතිය මැදිහත් වනු ඇත. කොරෝනා වෛරසය (ඩෙල්ටා) සීඝ්රයෙන් පාලනයකින් තොරව පැතිරීයන නිසා රටතුළ විශාල මරණ වැඩිවීමක් සිදුවිය හැකි බැවින් උද්ඝෝෂණ නවතා පළමුව වෛරසය පාලනය කරන්න.
මේකට සහයෝගයට පෙට්‍රල් ටිකක් වාහනවලට ලබා දෙන්නකෝ... කට්ටිය තව සතියක් දෙකක් ඔතනම සුද්ද කර කර ඉඳීවි.
ආණ්ඩුව ප්රශ්නය විසඳන්නේ නැත්නම් මහජනතාවට අපහසු වුවත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත...
ගුරු නෝනාවරුනි, මහත්වරුනි, රෝහල් වල ඇඳන් පිරිලා ඉවරයි. කල්පනාවෙන්... ඊට පස්සේ ආණ්ඩුවට දොස් කියන්න එපා අපිට රෝහලක් නැහැ. ඇඳකුත් නැහැ. ගුරුවරුන්ට සලකන්නේ මෙහෙමද කියලා...?
ගුරුවරුන්ගේ පඩිය ඉතාම අඩු එකක් බව ඇත්ත.. එ්ත් මේ භයානක අවස්ථාවේ රටේ ජනතාවගේ මරණ මතින් වැඩි කරගන්නා වේතනයේ ඇති අරුත කුමක්ද? ඔබතුමන්ලා "ගුරුවරුන්" නම් ඇයි මෙවන් වේලාවක රටත්, ජනතාවත් අපහසුතාවයට පත් කරන්නේ? කරුණාකරලා දේශපාලන ගැටවලට අසු නොවී ගරුත්වය තියාගෙන ඉන්න කියලා කරුණාවෙන් මතක් කරන්න කැමතියි. මතක තියාගන්න ඉදිරියේදී කොවිඩ්වලින් සිදුවන හැම අහිංසක මිනිසෙකුගේ මරණයන්ට ඔබත් වගකිව යුතු බව...
ලංකාවේ මිනිස්සුන්ට පිස්සු කියන්නේ එකයි .වසංගතයක් වෙලාවේවත් ආත්මාර්තකාමී මිනිස්සු
ජවිපේ රට හැදීම
මොන දේ ලබා ගන්නත් රටක් තියෙන්න ඕනේ .සමහර මිනිස්සු කොච්චර අසරණ වෙළද ඉන්නේ .මේ වැඩ කරන කාලකන්නින්ට මොලේ පෑදේවා කියා ප්‍රාර්ථනා කරනවා
ඇත්තෝ කති බොති ප්‍රීති වෙති, නැත්තෝ වටපිට බලති හුලං බොති කියන එකේ අන්තිම ටික හූල්ලති කියලා වෙනස් කරමුද? ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට නොකඩවා රජයෙන් වැටුප් ලැබෙන නිසා ඔවුන්ට රථ පෙළපාලියට අවශ්‍ය කරන මුදල් තියෙනවා. ඔවුන්ගේ ක්‍රියා මාර්ග නිසා ඉගෙනුම අහිමි සමහර දරුවන්ගේ ගෙවල්වල පාපැදියක් වත් නැති අතර පෙට්රෝල් ඩීසල් ගහනවා තියා තුන්වේල කන්නවත් පුළුවන් කම නැති පවුල් ඉන්නවා රට පුරා කොවිඩ පැතිරෙන නිසා. ගුරු විදුහල්පති පෙළපාලියේ ප්‍රතිඵලයක් ලෙස තව ටිකක් රටේ කොරෝනා රැල්ලක් අවුලුවා දැමීම මේ පෙලපාලි සංවිධානය කරන අයගේ පැතුම වෙන්න ඇති. එදාට දුප්පතුන් නැති ලෝකයක් බිහිවෙයි දුප්පතුන් කන්න නැතුව මැරෙන නිසා. රජයෙන් පඩි ගෙන වාහනවල කොළඹ පෙලපාලි එන්න පුළුවන් ගුරු විදහල්පතිවරුන් කා බී ප්‍රීති වනු බලා මුදල් නොමැති ඔබගේ ගෝලයන් වටපිට බලලා හූල්ලමින් හුලං බීම මේ පෙලපාලි කාරයන්ගේ ප්‍රීතිය තව දුරටත් වැඩි කරනවා ඇති.
ඔවුන්ට කරදර කරන්න එපා. ඩෙල්ටා ටොපිකාලා ගෙදර යන්න දෙන්න...
මේවා මේ විදිහට වෙන්නේ ආණ්ඩුවේ වරදින්, ගුරුවරු මේ විදිහට කවදාවත් හැසිරුණේ නැහැ. හැමදාම දේශපාලකයෝ ඔවුන් රැවැට්ටුවා. කම්කරුවෙකුටත් අද දවසේ පඩිය රුපියල් 2000 යි.
සොච්චම් පඩියකින් ජීවත්වන දුප්පත් ගුරුවරු කී දෙනෙකුට වාහන තිබේදැයි දැනගැනීමේ මාහැඟි භාග්‍යය ජනතාවට ලැබෙන කදිම අවස්ථාවකි. එයින්ම මෙම උද්ඝෝෂණ වල යතාර්ථය මහජනතාවට වටහාගැනීම පහසු වනු ඇත. මහජන අවහිරතා වැළැක්වීම සඳහා රජය සෘජු පියවර ගතයුතුයි. මෙවැනි උද්ඝෝෂණ වල නිරත වන දිනයන් වලට මහජන මුදලින් මොවුන්ට වැටුප් ගෙවීමද බරපතල වරදකි...
මේක විහිළුවක් .මිනිස්සු ඉල්ලන ඉල්ලන වෙලාවට පඩි වැඩි කරලා දෙන්න ගියොත් දුප්පත් අපිට හිඟා කන්න වෙන්නේ මුන්ට පඩි දෙන්න . වැඩ කරන්න බැරි නම් අස් වෙලා යන්න ඕනේ .ඕනේ තරම් ජොබ් නැති මිනිස්සු ඉන්නවා
ගුරුවරුන්ට අපේ සහාය, ජය වේවා!
දැන් රථ ගාය හැදිලද ඒ පාර...? මේ දවස්වල බිස්නස් නැති නිසා උඩින් නම් එන එකක් නැහැ.