
(රංජන් කස්තුරි)
ගුරුවරුන්ගේ ස්ථානමාරු විධිමත් ගුරුමාරු මණ්ඩල මගින් සිදුකර ඇති බවත් එම මාරු කිසිසේත් අවලංගු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
වසර දහයකට වඩා වැඩි කාලයක් එකම පාසලේ සේවය කරන ගුරුවරුන්ට සියලු කරුණු සලකා බලා ස්ථාන මාරු ලබාදී ඇතැයි ද මාරුවීම් ලැබ පැමිණෙන ගුරුවරුන්ට රාජකාරි බාර නොදී සිටීමට විදුහල්පතිවරුන්ට හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
2017 වසරේ සිට ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කරන බව ද එම ප්‍රකාශකයා කීය.
මේ පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ජනප්‍රිය පාසල් හතරක විදුහල්පතිවරුන් එක්වී මුළු මාරුවීම් ක්‍රියාවලියම අවුල්ජාලයක් බවට පත්කිරීමට කටයුතු කරන බවය.
එකම පාසලේ වසර දහයකට වැඩි කාලයක් සේවය කරන විදුහල්පතිවරුන් ව්‍යාපාරික අරමුණින් තමන්ට හිතවත් ගුරුවරුන් සුළු පිරිසක් තවදුරටත් පාසල්වල රඳවා ගැනීමට උත්සාහ කරන බව ද ඔවුන් සමග එක්වී එම විදුහල්පතිවරුන් ජාවාරම් කරන බව ද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ගුරුමාරු ක්‍රියාත්මක වීම නතර කිරීමට විදුහල්පතිවරුන් කීප දෙනකු පෙත්සමකට අත්සන් කිරීමට කටයුතු කර ඇතත් බහුතරයක් විදුහල්පතිවරුන් ඊට අත්සන් කර නැතැයි ද ස්ටාලින් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විධිමත් නැහැ . මා දන්න ගාල්ල අධ්‍යාපන කලාපයේ මධ්‍ය මහා විද්‍යාලය ක උසස් පෙල විද්‍යා අංශය ට උගන්වන්න ඉන්නෙ ඩීඕ ල විතරයි . භෞතික , රසායනික ,ජීව විද්‍යා උගන්වන්න ගුරුවරුන් නැහැ . සංයුක්ත ගණිතය උගන්වන්න ඉන්න එකම ගුරුවරයා ත් ගාල්ල පිරිමි පාසලකට මාරු කරල. වෙනුවට කවුරුත් නැහැ . පුරප්පාඩු තිබුණ තැන් වලට ගුරුවරුන් දාල නැහැ . එක සමිති නායකයකු සල්ලි වලට මාරු වීම කරල කියල මහත් ආන්දෝලනයකට තුඩු දීල . මේව නොදැනද කතා කරන්නේ . ඔය මාරු මණ්ඩල හොර ගුහාවල් කියල ගුරුවරුන් ම කියනව. ඒක ඇත්ත බවත් පේනවා .
ගුරු මාරුවීම් පමණක් නොව විදුහල්පති මාරුවීම් ද ඉතා දූෂිත අයුරින් සිදු වී ඇත. වෘත්තීය සමිති නායකයන් මේවා මුදලට සිදුකළ බවට ඉතා පැහැදිලි සාක්ෂි පුද්ගලයන් සතුව ඇත. පසුගිය දා සිදු කළ නියෝජ්‍ය විදුහල්පති මාරුවීම් ගාල්ල මහින්ද සිට රිච්මන්ඩ් විද්‍යාලයට ද රිචිමන්ඩි විද්‍යාලයේ සිට මහින්දයටද මාරු වන්නේ මොන පදනමකද? මෙහි යට වෘත්තී සමිති නායකයෙකු යැයි කියා ගන්නා කෙනෙකු සිටින බව පැවසේ.....මෙවර මෑතකදී සිදු කල ගුරු මාරුවීම් ද ප්‍රධාන පාසල් වලට යෑම සඳහා වෘත්තීය සමිති වලට මුදල් ගෙවා ඇත. මෙවන් දූෂිත ක්‍රියා කාරකම් හෙලා දැකිය යුතුය.