(යොහාන් භාසුර)
ග‍්‍රාම නිලධාරිනියකට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබෙන උකුවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එරන්දිකා කුමාරි මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
අදාල සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තෙක් පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවන බවත් නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කිසිදු කටයුත්තකට සම්බන්ධ වීමේ හිමිකම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මන්ත‍්‍රීවරියට ලිඛිතව දැනුම් දී තිබේ.
‘කොවිඞ්’ වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැළසීමේ කටයුතුවල නිරතව සිටි රජයේ නිලධාරිනියකට පහර දුන් බවට ඇයට චෝදනා එල්ල වී ඇති බවත් මහජන නියෝජිතයන්ගෙන් ඉහළ විනයක් බලාපොරොත්තු වන බවත් චෝදනා ලාභී මන්ත‍්‍රීවරියට පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදකින් මෙහෙමත් මී දෙනුන්... තව කොහේද දියවන්නාව හරක් පට්ටියට ගියා නම් කොහොම අං පටලාගනීවිද...?
පොදුජන පෙරමුණ ජනතාවට එපා කරනවනේ... මේ වගේ නූගත්, මුඩුක්කු, මැර ගැහැණුන් තියා ගත්තොත් 2015 සිදුවූ දෙයම තමයි වෙන්නේ... මේ අයව පක්ෂයෙන් සහ රටිනුත් තුරන් කළ යුතුයි.
කෝවිඩ් නිසා මිනිස්සු දැනුවත් වුණා ග්‍රාමනිලධාරියෙක්ගේ වටිනාකම.. නැත්නම් ඉතින් මේ අය ඔය මන්ත්‍රී පට්ටම් නම් ගලවන් නෑ මේ කපේට.. මේ අය බයයි ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක්වත් කරයි කියලා..
සාගර හාල් මැස්සෙක්ට දඬුවම් දුන්නා... කෝ විමල්, වාසු, උදය..? එයාලත් වැරැදි වැක කළා. කෝ විනය නීතිය? මොකද බයද එයාලාට?
අපි හිතුවේ කරාටේ සූරී සම්මානයෙන් පුදන්න ඇතියි කියලා. මාර බඩුවක් බලාගෙන ගියාම... මහජන නියෝජිතයින්ගේ විනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. රටම දන්නවා.
ප්‍රධාන ලේකම්තුමෝ!!! එතකොට අර පිළියන්දල ලොක්කාගේ ක්‍රියාවට ඇක්ෂන් ගන්නේ නැද්ද?
සාගර මහත්තයෝ, පඩිය ගැන හිතලා වැඩකරනවා මිසක් විනයක් ගැන හිතලා වැඩකරන දේශපාලකයෝ කොහෙද ඉන්නේ..?
මේ වගේ අයට ඡන්දය දුන් අයටත් පාඩමක් උගන්නන්න ඕනෑ..
මෙම අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙනුවෙන් කරන සේවය අති මහත්ය. දේශපාලනඥයින් මේ අවස්ථාවේ බොරුවට ලකුණු දමා ගැනීමට බලය පෙන්වීම මෝඩකම විදහා දැක්වීමකි. එවැන්නන් ජනප්‍රිය නොවේ. ඡන්ද ගොඩ වැඩි නොවේ. නිහඬ සේවයක් කරන අය දෙස ජනතාව බලා සිටී. මේ අවස්ථාවේ රජ්‍ය නිලධාරීන් වැඩ වර්ජනවලට යොමු කිරීමට කටයුතු කරන දේශපාලුවන් දේශ ද්‍රෝහීන්ය. ජනපතිඳුනි, මෙවන් අය පිළිබඳව දැඩි තීන්දු නොගතහොත් ප්‍රතිඵල දරුණු වේවි...!!! එමෙන්ම පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් ජනතාවට අසාධාරණ කම් කරාට රාජ්‍ය නිලධාරීන් සිටියි නම් ඒ අයට අතින් පයින් නොව කළ යුතු දේ පෑනෙන් කළයුතු බවද පෙන්වා දෙනු කැමැත්තෙමි...
එක රටක්.. එක නීතියක්..
ඔරිජිනල් පොහොට්ටු කාරයන්ගෙන් වැඩිහරියක් මේ වගේ පුද්ගලයන්... වැලි, පස්, හොරු කැලේ කපන මිනිස්සු... පොහොට්ටුවේ සහ වියත් මගේ බොරු පොරොන්දු වලට රැවටිලා ඡන්දෙ දීපු 69 ලක්ෂයෙන් ලක්ෂ 15ක් පමණ දැනටමත් හැලී අවසන්...