(කාංචන කුමාර ආරියදාස,යොහාන් භාසුර සහ ටි.කේ.ජි.කපිල)

මව විදේශ ගතවීම සහ පියා සිරගත වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ ගිරිබාව කැලෑබද ප්‍රදේශයක කටුමැටි ගැසූ නිවසක අසරණව සිටින දරුවන් තිදෙනාගේ මව අද අලුයම දිවයිනට පැමිණියාය.

ලංකාදීප පුවත්පතේ සහ ලංකාදීප වෙබ් අඩවියේ මෙම පුවත පළවීමෙන් පසු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත් වී මව මෙරටට ගෙන්වා ගැනීමට ගටයුතු කළේය.   පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ මැදිහත් වීමෙන් කුවේට් තානපතිවරයා සහ එහි උසස් නිලධාරීන් සෘජුව මැදිහත්ව කඩිනමින්  කුවේට්හී සිටි අදාළ කාන්තාව  වහාම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

මෙහිදී එරට රැකියා ඒජන්සි කරුද මෙම කාන්තාව මෙරටට පිටත් කිරීමට උපරිනම කටයුතු කර ඇත. ඒ සඳහා ඔවුන් රුපියල් ලක්ෂ 9,00.000 ආසන් මුදලක් වැය කර ඇතැයි කියැවේ. ඔවුන් මෙම දරුවන් අවශ්‍ය ටොපි චොකලට්වර්ගය ලබා දී ඇතැයි එම ඒජන්සි ආරංචි මාර්ග කියයි.

එම කාන්තාව මීට පෙර ඕමානයේ රැකියාවකට ගොස් ද සැමියාගේ ඉල්ලීම මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය සේවා කාලය අවසන් වීමට පෙර මෙරටට ගෙන්වා ඇති බවත් එම කාර්යාංශය සඳහන් කළේය.

ඇය අද සවස 4.00 පමණ සිය දරුවන් සිටින නිවෙසට පැමිණියාය.

ඡායාරූප කාංචන කුමාර ආරියදාස

 

ඡායාරුප ටි.කේ.ජි. කපිල