(ප්‍රදීප් කුමාර)
මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට ඉකුත් 14 වන දින පිරිසක් විසින් බලහත්කාරයෙන් කොවිලක් ඉදි කිරීමට මුල් ගලක් තැබීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් හා එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇති විය ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය සාමය කඩවීම යටතේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ දෙපාර්ශ්වයටම නඩු පවරන ලදී.
ඒ අනුව නඩුව අද (24) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අතර එහිදී විහාරාධිපති හිමියන්ගේ පාර්ශ්වය එම විහාරස්ථානය පුරාවිද්‍යා භූමියක් වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
එම කරුණු සැලකිල්ලට ගනිමින් විහාරභූමියේ ලබන පෙබරවාරි 12 වැනිදා දක්වා කිසිඳු ඉදිකිරීමක් නොකරන ලෙසටත් එදිනට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මුලතිව් මහේස්ත්‍රාත් එස් .ලෙනින් කුමාර් මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම සාමය කඩවීමක් ගැන තමා පොලිසිය උසාවියට කරුනු වාර්තා කරලා තියන්නේ.. අපේ වත්තේ කවුරු හරි බලෙන් ගෙයක් හදන්න හදනකොට, අපි විරෝධය දැක්වුවොත් පොලිසිය සාමය කඩවීම යටතේ වත්තෙ අයිති කාරයාවයි, බලෙන් ගෙයක් හදන්න ආපු අයවයි දෙගොල්ලොම උසාවියට දැම්මා වගේ වැඩක් මේක.
මට තේරුම් ගන්න බැරි කාරණා දෙකක් තියෙනවා. 1) පන්සලට ඇවිල්ල කෑ ගහල පාර්ට් දැම්මම ඇයි පන්සලේ හාමුදුරුවන්ට විරුද්දව නඩු දාන්නේ? 2) වෙන කෙනෙක්ගේ ඉඩමක බලෙන් ගොඩ නැගිල්ලක් හදන්න යද්දී ඉඩම පුරාවිද්‍යා ද නැද්ද කියන එක අදාළ නැතිව ගොඩනැගිල්ල හදන එක නීති විරෝදියි නේද? ඇයි 12වෙනිද වෙනකම් විතරක් තහනම? අන්තිමට ඔතන වෙන්නේ, කොහොම හරි ඔය කෝවිල හැදෙන එකයි.
ආගමික ස්ථානයක් තුල තවත් ආගමික ස්ථානයක් ඉඳිකිරීමට යාම සමපූර්ණයෙන් තහනම් කරනවා වෙනුවට දින ගණනක් නියම කොට ඒ කාලය තුල ඉඳිකිරීම් කරන්න එපා කියන්නේ ඒ කාලයෙන් පස්සේ ඉන්ද්දීකිරීම් කරන්න පුළුවන් කියන එකද? එහෙමනම් සිංහල බෞද්ද අපිට වැල්ලවත්තේ කෝවිලක් තුල පන්සලක් ඉඳිකිරීමට පුළුවනි නේද? මේ අවුරුදු 4 සිංහල බෞද්දයා බලු කරලා තිබෙන හැටි. කිසි දෙසපාලුවේ ඔය ගැන කතා කොරන්නේ නැහැ නේද?
මේවා දකිනකොට තමය් ඇගෙ මලු නටන්නේ සිංහලයට ගිය කලක්
ඉන්ධික මහත්මය ඔබගේ අදහස සමග 100% එකගයි ....
නැවත එජාප රජයක් බිහිඋනොත් සිංහළ බෞද්ධයට වෙන්නේ පොලොවේ පස්කන්නයි.
ලෝකේ මොන රටේ වුවත් පවතින ආගමික, සිද්ධස්ථානයක් අස්සේ වෙනත් ආගමික සිද්ධස්ථානයක් ඉදිකරන්න හදනවා නම් එයින් පෙනීයන්නේ අන්තවාදීන් ගැටුමක් ඇතිකරන්න උත්සාහකරන බවයි. මුලතිව් දිස්ත්‍රික්කයේ ඕනෑතරම් ඉඩම් තියනවා. එකක් අස්සේ එකක් ඉදිනොකළාට... අනික දැන් ලෝකයේ කිසිම ආගමක් අදහන්නේ නැති ජනතාව සීඝ්රයෙන් වැඩිවෙනවා එම ආගම් අදහන්නේ නැති ජනතාව ලෝකේ කිසිම රටක ආගමික ප්‍රශ්න ඇතිකරන්නේ නැතිව හොඳින් ජීවත්වෙනවා. හොඳ හැදියාවක්, හොඳ හැසිරීම් රටාවක් තිබෙනවා අද බොහෝමයක් ආගමික නායකයින් තමන්ගේ සුඛවිහරණය සඳහා ආගම් යොදාගන්නවා.. ඒ ඇත්තන්ට ආගම් තමා වෙනුවෙන් මිසක් ශ්‍රාවකයන් වෙනුවෙන් නොවෙයි..