IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ගැඹුරු මුහුදේදී අසනීප වූ ධීවරයා නිරුපද්‍රිතව ගොඩට

(රවී ලියනගේ  සහ සුමතිපාල දියගහගේ )

 ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් එකසිය 115 ක පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් දැඩි ලෙස අසනීපවූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දක්ෂිණ නාවික හමුදා කදවුරේ නිලධාරීන් අද  (21) පියවර ගත්තේය.

පසුගිය පෙබරවාරි 8 වන දින ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති “රාජා 01” නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙසේ රෝගී තත්ත්වයෙන් පසුවන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානය වෙත කරන ලද දැනුම්දීමක් අනුව මෙම ධීවරයා බේරා ගැනීම සිදුවිය.

අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ගොඩබිමට රැගෙන එන ලද්දේ දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරල් සජිත් ගමගේ මහතාගේ උපදෙස් අනුව  නාවික හමුදාවට අයත් පී 485 නමැති වේග ප්‍රහාරක යාත්‍රාව මගිනි. ගොඩබිමට රැගෙනආ ධීවරයා ප්‍රතිකාර සඳහා වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගත්තේය.

 

 



අදහස් (0)

ගැඹුරු මුහුදේදී අසනීප වූ ධීවරයා නිරුපද්‍රිතව ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 367 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 474 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site