ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය වසා දමමින් ප්‍රදේශවාසීහූ පිරිසක් ටයර් පුළුස්සමින් අද (15) විරෝධතාවයක නිරතවූහ.
වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව පොලීසිය හා එක්ව ගාල්ල මාගාල්ල සහ කටුගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට එරෙහිව මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි දකුණේ මිනිස්සුන්ගෙ නපුරුකම්..!
අපේ රටේ අරගල කරන්නන්ට හා විරෝධතා කරන්නන්ට මහා මාර්ග යොදාගැනීම වහාම නවතා දැමිය යුතුයි. මාර්ග වල ධාවනය වෙන වාහන වලින් මොන තරම් විශාල මුදල් සම්භාරයක් රජයට ලැබෙනවාද? ඒ මදිවට රථවාහන පොලීසියෙන් මොන තරම් දඩ මුදල් ගරාගන්නවද? ඒත් වාහන ධාවනයට තියෙන පාරවල් මෙසේ උද්ඝෝෂණකරුවන්ට පොලීසිය හා මහාමාර්ග අංශ ලබාදී නිදිමතේ ඉන්නේ ඇයි? වාහනයක් ඉරි කපා යෑම හෝ මහා වරදක් සේ දැක දඩකොල දෙන පොලීසියට පාරේ ටයර් පුච්චා පාර විනාශ කරන එකට දඬුවම් දෙන්න බිය වන්නේ ඇයි? රටේ නීතියට අනුව මහා මාර්ග මෙසේ අයුතු ලෙස උද්ඝෝෂණ සඳහා භාවිතා කිරීම තදබල වරදකි. එබැවින් එවැන්නන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් කළ යුතුය. මහා මාර්ග තිබෙනුයේ උද්ඝෝෂණ පැවැත්වීමට නොව වාහන ධාවනයට සහ පාරේ යන මගීන්ගේ ප්‍රයෝජනය පිණිසයි.
දකුණ ගිනි තියලා, උතුරත් ගිනි තියන්නයි හදන්නේ...
මේ විරෝධතාවලට සාමාන්‍ය ජනතාව විරුද්ධ වෙන්න ඕනෑ. වෙරළ තීරය, පොදු දේපල බලෙන් අත් පත් කරගෙන භුක්ති විඳින එක අනුමත කරන්න බැහැ.
මෙවැනි නීතිය අතට ගැනීමේ විරෝධතා දරුණු ලෙස බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් දමා වහාම නැවත් විය යුතුයි .
මුහුද අයිනේ වෙරල කියන්නේ රටටම අයිති පරිසරයක්. ඒකේ ගෙවල් අටවාගෙන තනි පුද්ගලයෙකුට අල්ලන් ඉන්න එකෙන්ම නීති විරෝධී බව පෙනෙනවා. වෙන රටවල මුහුදු වෙරළේ සිට 500m වැනි සීමාවක් දක්වා සියලුම ඉදිකිරීම් තහනම්. මේ තත්වය මහවැලි ගඟ හා වෙනත් ගංගා ආශ්‍රිතව තියෙන ඉදිකිරිමුත් ගලවන්න ඕනේ. මිනිස්සු ඇල ,ගංගා ඉවුරුවල ගෙවල් හදාගෙන ගලාගෙන ජලයට කරන විනාශය මහා විශාලයි.අපි බොන්නේ නාන්නේ ඒ ආකාරයට අපිරිසිදු කරපු ජලය
සපුමල් හරියටම හරි. මහා මාර්ග මෙසේ අයුතු ලෙස උද්ඝෝෂණ සඳහා භාවිතා කිරීම තදබල වරදක් වගේම මහපාර හරස් කරගෙන බදාම අනන එකත් වරදක්. ඒවත් පොලීසියෙන් අල්ලන ඕන. එයාලට පඩි ගෙවන්නේ එකටනේ අපේ බදු මුදලින්.
මොන දේටත් විරෝධය පලකරන්නේ මහපාරේ ටයර් පුච්චලා පාරවල් විනාශ කරනවා. මේ මෝඩයෝ දන්නේ නැහැ අායෙත් මේ යක්කු ඉන්නකල් ඔය පාරවල් හදාගන්න ලැබෙන්නේ නැහැ කියලා...
මම මේ සියලු ප්‍රතිචාර සමග එකඟ වෙනවා.
අනවසර ඉදිකිරීම් නිසා වෙරළ හරිම අපිරිසිදුයි. ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් මලපහ පළාතේ යන්න බැහැ. නීතිය දැඩිව ක්‍රියාත්මක යුතුයි.