(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම රට අධිකරණය නොමඟ යවන සුළු එකක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් යම් කරුණක් ගැන අදහස් පළකරන්නේ නම් වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස උදය ගම්මන්පිල මහතා ඊට ප්‍රථමයෙන් එහි මූලාශ්‍රවන හැන්සාඩ් වාර්තාවූ අදාළ පටිගත කළ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිවැරදි ලෙස පරිශීලනය කිරීම යෝග්‍ය බව කතානායකවරයා දැනුම් දෙයි.
අන් කිසිවකුගේ ප්‍රකාශයක් සාවද්‍ය ලෙස නිරූපණය කරමින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මහජනතාව නොමඟ යැවීමට ගම්මන්පිල ගන්නා පහත් උත්සාහය බැහැර කරන බවද කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගම්මන්පිලගෙන් පහත් උත්සහයක් - කතානායක
මැක්ස් Tuesday, 11 April 2023 01:17 PM
පසුගිය කාලයේ රට අරාජික වීමට මුලික ව හේතු වූ සිංහල බොදු විරෝධී අරගල වලිප්පුකාරයන්ට තම දුෂ්ට අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා අවැසි පසුබිම සකස් කළේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංස යන දෙදෙනාගේ ක්‍රියා කලාපයයි. කරුණු කාරනා සොයා නොබලා කටයුතු කිරීමයි. කතා කිරීමයි. මෙය ද එම දුර් ගුණයේම තවත් ඉදිරි පියවරකි.
Hafeel Tuesday, 11 April 2023 02:26 PM
ඒක ඉතින් ලොකු දෙයක් නොවේ. අපිට නම්, ඔයාත් ගම්මන්පිලත් එකම ගහේ ගෙඩිය තමා.
ලුම්බිණි Tuesday, 11 April 2023 02:36 PM
ගම්මන්පිල කවද්ද උසස් දෙයක් කලේ? කලේම පහත් වැඩ.
SUNIL MILANO Tuesday, 11 April 2023 03:06 PM
පහත මිනිසෙකුගෙන් උසස් දෙයක් බලාපොරොත්තු විය නොහැක
ANURA ROME Tuesday, 11 April 2023 03:18 PM
අපි ගොඩක් ගරු කළ චරිතයක්. පසුගිය ආණ්ඩු සමයේ මොහු කළ කී දෑ නිසා දැන්නම් තඹ දොයිතුවක්වත් වටින්නේ නැත. මෙවැන්නන් දේශපාලනයෙන් පමණක් නොව ශ්‍රී ලංකා දේශයෙන්ද අතුගා දැමිය යුතුයි.