
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම රට අධිකරණය නොමඟ යවන සුළු එකක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ යැයි සඳහන් කරමින් යම් කරුණක් ගැන අදහස් පළකරන්නේ නම් වගකිවයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස උදය ගම්මන්පිල මහතා ඊට ප්‍රථමයෙන් එහි මූලාශ්‍රවන හැන්සාඩ් වාර්තාවූ අදාළ පටිගත කළ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නිවැරදි ලෙස පරිශීලනය කිරීම යෝග්‍ය බව කතානායකවරයා දැනුම් දෙයි.
අන් කිසිවකුගේ ප්‍රකාශයක් සාවද්‍ය ලෙස නිරූපණය කරමින් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මහජනතාව නොමඟ යැවීමට ගම්මන්පිල ගන්නා පහත් උත්සාහය බැහැර කරන බවද කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ රට අරාජික වීමට මුලික ව හේතු වූ සිංහල බොදු විරෝධී අරගල වලිප්පුකාරයන්ට තම දුෂ්ට අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා අවැසි පසුබිම සකස් කළේ උදය ගම්මන්පිල සහ විමල් වීරවංස යන දෙදෙනාගේ ක්‍රියා කලාපයයි. කරුණු කාරනා සොයා නොබලා කටයුතු කිරීමයි. කතා කිරීමයි. මෙය ද එම දුර් ගුණයේම තවත් ඉදිරි පියවරකි.
ඒක ඉතින් ලොකු දෙයක් නොවේ. අපිට නම්, ඔයාත් ගම්මන්පිලත් එකම ගහේ ගෙඩිය තමා.
ගම්මන්පිල කවද්ද උසස් දෙයක් කලේ? කලේම පහත් වැඩ.
පහත මිනිසෙකුගෙන් උසස් දෙයක් බලාපොරොත්තු විය නොහැක
අපි ගොඩක් ගරු කළ චරිතයක්. පසුගිය ආණ්ඩු සමයේ මොහු කළ කී දෑ නිසා දැන්නම් තඹ දොයිතුවක්වත් වටින්නේ නැත. මෙවැන්නන් දේශපාලනයෙන් පමණක් නොව ශ්‍රී ලංකා දේශයෙන්ද අතුගා දැමිය යුතුයි.