IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගම්මන්පිලගෙන් කතානායකට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳව  තමා කළ ප්‍රකාශය ගැන වැරැදි මතයක් අධිකරණය තුළත් සමස්ත සමාජය තුළත්  ඇති කිරීමට උත්සාහ දරමින් සහ  පහත් ලෙස අපහාස කරමින්  තමාගේ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස  පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් අද (17) ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතින් තමාට හිමිවී ඇති  වරප්‍රසාද ඔහුගේ එම ක්‍රියා කලාපයෙන් උල්ලංඝනය වන බවද   ගම්මන්පිල මහතා ඒ  ලිපියෙන් දැනුම් දුන්නේය.

මහබැංකු පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට  කතානායකවරයා කළ ප්‍රකාශය වහාම නිවැරදි කිරීමට ඉදිරිපත් වන ලෙස පැවසීම පෙත්සම්කාර මන්ත්‍රීවරයෙකු ලෙස තමාට පැටවුණු වගකීමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස නො කියවා වැරදි උපදෙසක් මත එම ප්‍රකාශය කර ඇතැයි ඒ අනුව තමා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බවත් ගම්මන්පිල මහතා  සඳහන් කළේය.

ඉතිහාසයේ ඉදිරිපත් වුණු වඩාත්ම දුර්වල පනත් කෙටුම්පතක් කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට  පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවට  නිවේදනය කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට බරපතළ ලෙස හානි සිදුවූ  බව  පවසන ගම්මන්පිල මහතා එම ප්‍රකාශය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමට තුඩු දෙන්නකැයිද  ප්‍රකාශ කළේය.

එසේම එම ප්‍රකාශය පනත් කෙටුම්පතේ   දුර්වලතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ  නීතිඥ මඩුල්ලටද නිගාවක් බවත් පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ පෙත්සම්කරුවන්ද අපහසුතාවයට ලක් කිරීමක් බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

ගම්මන්පිලගෙන් කතානායකට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site