( මනෝප්‍රිය ගුණසේකර)

විදුලිබල හා බල ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට මාස තුනක කාලයක් සඳහා විදේශගත වීමට අවසර ලබා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා  ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරීමට ද නියම කළේය.

ඕස්ට්‍රේලියානු ජාතිකයකුගේ  මුදල් වංචා කළ බවට චෝදනා ලැබ සිටින ගම්මන්පිල මහතාට ඇප නියම කිරීමේදී විදේශගත වීම වළක්වාලමින් පනවා තිබූ තහනම එලෙස ඉවත් කළ විනිසුරුවරයා ඔහුගේ විද‌ේශගමන් බලපත්‍රය මුදා හරින්නැයිද නියෝග කළේය.

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සංචාර දෙකකට සහ ඇමෙරිකාවේ සහ ජර්මනියේ නිල සංචාර දෙකකට සහභාගීවීමට අවශ්‍ය බව කියමින් ගම්මන්පිල මහතාට පවරා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඔහුගේ නීතීඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.