(මනෝප‍්‍රිය ගුණසේකර)
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 5 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා නියම කළේය.
ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටී.
1996 සැප්තැම්බර් මස 26 වැනිදාත් 1997 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලයේ රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයිද ඊට ආධාර හා අනුබල දෙන ලදැයි ද චෝදනා හතරක් යටතේ තවත් නඩුවක් පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් විසි එක් දෙනෙකු සහ ලේඛන 13 ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුවෙන් උදය ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ හෙවත් සිඞ්නි ජයසිංහ මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා නගා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජුලි හතයි.
පිවිතුරු හෙළ උරුමය - නම නම් තියෙනවා කරන වැඩ කොහොමද?
බොරු ජාතිවාදයක් (පිවිතුරු හෙළ උරුමය) කරේ දාගෙන .. බොරුවට කෑ ගහන, මෙයාවත් එල්ලලා දැම්මා නම් තමයි මට නින්ද යන්නේ. එක්සත් ශ්‍රී ලංකාවට, ගම්මන්පිල කියන්නේ පිළිකාවක් පමණයි!!!
දැම්මම ලොක්කට කතාකර තිබ්බොත් හොඳයි.