
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයෙහි මහ ගංවතුර තත්ත්වයක් ඇතිවන මීටර් 5 • 5 ඉක්මවා මේ වනවිට මීටර් 5 • 96 ක මට්ටමකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද සවස 3 වන විට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාලකයෙහි ජල මට්ටම මීටර් 5 • 96 සටහන්ව තිබී ඇත.
පවතින අධික වර්ෂා සහිත තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ, අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ගම්පහ, අත්තනගල්ල සහ ජාඇල යන නගරවලට ගංවතුර බලපෑම ඇතිව පීඩාවක් ඇතිවිය හැකි බැවින් වෙළඳුන් සහ පදිංචිකරුවන් අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැදිය යුතු යුතුවඇති බවය.
තවද කැලණි ගගෙහිද ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ්‍රිතව සහ පහත්බිම්වල වෙසෙන ජනතාව මෙන්ම බියගම, දොම්පෙ සහ කැලණිය ඇතුලූ අවට පදිංචිකරුවන්ද ආරක්ෂිත ස්ථාන වෙත යාමේ දැඩි අවශ්‍යතාවය පවතින බවය.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ අදාල රාජ්‍ය නිලධාරීන් පියවර ගනිමින් සිටින බවද දිසාපතිවරයා කීය.
අද සවස වන විට අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය පිටාර ගැලීමෙන් ගම්පහ අවට මිරිස්වත්ත - ගම්පහ මාර්ගය, ගම්පහ - ඔරුතොට, ගම්පහ - ජාඇල සහ ගම්පහ - ගණේමුල්ල යන මාර්ග ස්ථාන කිහිපයකින්ම යටව පැවතීම මත රථවාහන ගමනා ගමනයට බාධා සිදුව තිබෙන අතර අද රාත්‍රීයේ තද වර්ෂාවක් ඇතිවුවහොත් ගම්පහ නගරයටද බලපෑමක් සිදු විය හැකි බවට අවට පදිංචිකරුවන්ද අදහස් කරති.
මේ අතර යක්කල - ගම්පහ මාර්ගයේ ඉදිගොල්ල ප්‍රදේශයේ විදුලි කනු දෙකක් කඩා වැටීම හේතුවෙන් යක්කල අවට ප්‍රදේශ කිහිපයකටම විදුලිය ඇනහිට ඇත.


2025 නොවැම්බර් මස 21
187
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1142
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගම්පහට දැඩි ගංවතුර අවදානමක්