(තිලකරත්න දිසානායක)
විවිධ අඩුපාඩු මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල , මධ්‍යම රජයට පවරා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කිරීමට ප්‍රදේශයේ නාහිමි වරුන් ඇතුළු ජනතා සංවිධාන සැලසුම් කොට ඇත.
මේ සදහා වූ සාකච්ඡාවක් නැදගමුවේ විජය මෛත්‍රී සහ තුමිමෝදර සමිතසෝම යන නාහිමි වරුන්ගේ මූලිකත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී අට මහල් රෝහල් ගොඩනැගිල්ලෙහි වසර ගණනාවක සිට පවතින ජල කාන්දුව හේතුවෙන් පවතින තත්ත්වය ඇතුළු අඩුපාඩු පිළිබඳව සාකච්ඡා වූ අතර මෙම රෝහල බස්නාහිර පළාත් සභාවට පවත්වාගෙන නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් මධ්‍යම රජයට පවරා ගැනීම පිනිස ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට තීරණය කෙරිණි.
මෙම ඉල්ලීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා මගින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීම උචිත බවද තීරණය කෙරිණි.
මේ සදහා නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ගනු ලැබූ අතර කඩිනමින් අමාත්‍ය වරුන් දැනුවත් කොට ජනාධිපතිවරයා හමුවීමට සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක , රෝහල් කමිටුවෙහි සහ රෝහල් පදනමේ නියෝජිතයින්ද , ගම්පහ වෙළඳ සංගම් නියෝජිතයින් ඇතුළු විවිධ වෘත්තීන් නියෝජනය කරන සාමාජිකයින්ද , දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ , නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම යන මහත්වරුන් ඇතුළු මහාචාර්ය වෛද්‍ය අරුණ මුණසිංහ මහතා සහ වෛද්‍යවරුන් පිරිසක්ද සහභාගි වී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd