(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවය කරන ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව අනාවරණය වී ඇත.
මෙම සේවකයා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසුව රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ ඔහු ඇසුරු කළ සෞඛ්‍ය කාර්ය සහායකයින් 7දෙනෙකු නිරෝධානය කිරීමටත් එම ඒකකයේ සේවයෙහි නිරත වෛද්‍යවරුන් 30 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 70 දෙනෙකු පමණ දෙනා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර මීට පෙර මෙම රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වීම මත එම ඒකකයේ 17 දෙනෙකු නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර කාර්ය මණ්ඩලයේ පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.
ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි එම වෛද්‍යවරයා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවිකාවන් පිරිසකට පෞද්ගලිකව ප්‍රතිකාර ලබාදී ඇති අතර එම සේවිකාවක් කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගම්පහ මහ රෝහලේ සේවකයෙකුට කොරෝනා