( තිලකරත්න දිසානායක)

කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවක් පෙන්නුම් කළත් සමාජය අතර වයිරය ශරීරගතවූවන් සිටීදැයි යන්න හදුනාගැනීම සඳහා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ගම්පහ මහ නගර සභාව  සිදු කළ අහඹු රැපිඩ් ඇන්ජින් සහ පී.සී.ආර් පරීක්ෂණයේදී ආසාදිතයන් 9 දෙනෙකු හදුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

ගම්පහ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොළ අසලදී මහමග ගමන් ගන්නා පුද්ගලයන්   අහඹු ලෙස පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර ඇත. 

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ 50 දෙනකු අතුරින් 9 දෙනකු ආසාදිතයින් බව හදුනාගත් බවත් නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.