
( තිලකරත්න දිසානායක)
අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙහි අද පැවති චිත්‍ර විෂයෙහි දෙවන කොටස ප්‍රශ්න පත්‍රය ලබා නොදුන් බවට විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනකු ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කොට ඇත.
ගම්පහ , තක්ෂිලා විද්‍යාලයෙහි පැවති එක් විභාග ශාලාවක සිසුන් දෙදෙනකු චිත්‍ර විෂයට පෙනී සිට ඇති අතර එම දෙදෙනාට දෙවන ප්‍රශ්න පත්‍රය නොදුන් බව එම සිසුහු දෙදෙනා කියති.
චිත්‍ර විෂයෙහි පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුර සපයා අවසන් කිරීමෙන් පසු දෙවන ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග ශාලාව බාරව සිටි ගුරුවරියකගෙන් විමසූ අවස්ථාවේ දෙවන ප්‍රශ්න පත්‍රය නොලැබුනු බව පැවැසුවේ යැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
විභාගයට පෙනී සිටි සෙසු සිසුන්ගෙන් විභාගය අවසන්වීමෙන් පසු තමන්ට වූ සිද්ධිය සම්බන්ධයෙන් පැවැසු අවස්ථාවේ ඔවුනට දෙවන ප්‍රශ්න පත්‍රය ලැබුණු බවට පැවැසූ බව ද එම බලධාරීන්ට පැමිණිල්ල ඉදිරිපත් කරමින් සිසුන් කියා ඇත.
මේ සම්බන්ධයෙන් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර පේමලාල් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී මෙසේ කීය.
මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ලද උපදෙස් මත අදාල ශාලාධිපති සහ සහකාර ශාලාධිපති විභාග කටයුතුවලින් ඉවත් කිරීමට පියවර ගත්තා. අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් දෙකකට කියන්නේ භාණ්ඩ දෙකක් වෙන්න ඇති, මේකට වගකිවයුතු අය විභාග වැඩෙන් අයින්කරලා පමණක් මදි ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ විධිවිධාන අනුව අනවධානය, නොසැලකිල්ල රාජකාරි පැහැර හැරීම වගේ වැරැදි වෙනුවෙන් චෝදනා පත්‍රයක් දී විනයානුකූලව කටයුතු කළයුතුයි. ඒ අතර සිසුන් දෙදෙනා වෙනුවෙන් සාධාරණයක් කළයුතුයි..
සිසුන් දැන් බඩු ගානට වැටිලා, සිසුන් දෙන්නා "දෙක" වෙලා.
මේවාට යන අය දැන් හරියට කරන්නේ වර්ජනයන් විතරයි නේ