IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගම්පහ අලුත් කරන කෙටුම්පත හදයි

(අංජුල මහික වීරරත්න)

“සියනෑවේ පිබිදෙන හරිත අගනගරය ”ලෙස ගම්පහ සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත නාගරික සංවර්ධන අධිකාරිය සකස් කර ඇත.

කෙටුම්පත් කරන ලද ගම්පහ නගර සංවර්ධන සැලැස්ම සදහා මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (20) දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ. 

මෙහිදී ගම්පහ නගර සංවර්ධන සැලැස්මේ කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය  ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාට හා ගම්පහ ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ගුණවර්ධන මහතාට ලබා දුන්නාය. 

ගම්පහ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභවේ අනෙකුත් මන්ත්‍රීවරුන් වෙතද මෙම කෙටුම්පත ලබා දෙන අතර ඔවුන්ගේ සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සදහා දින 60 ක කාලයක් ලබා දී තිබේ. ඉන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගම්පහ නගර සංවර්ධන සැලැසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි. 

ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, ආර්ථික හා සංචාරක සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන උපාය මාර්ග 5 කින් මෙය සමන්විතයි. 



අදහස් (4)

ගම්පහ අලුත් කරන කෙටුම්පත හදයි

දසුන් Monday, 20 February 2023 02:44 PM

තනිකර බොරු වැඩ... බෞද්ධාලෝක මාවතේ ජොගින් ට්‍රැක් හදනවා කියලා කෝටි ගාණක් වියදම් කළා. මෙලෝ වැඩක් කාටවත් වුනේ නැහැ. තාම කාණු ටිකවත් හරියට නැහැ.. මීට වඩා හොඳයි දුෂ්කර පළාතක ඉස්කෝලේකට ඉස්පිරිතාලෙකට දෙයක් කරන්න...

:       1       11

සොබා Monday, 20 February 2023 06:50 PM

මේ අය මේ හදන්නේ ඉස්සරහට එන්න තියන ලෝන්වල සල්ලි ටික පිල්ලි ගහන්න පොටක් හොයන එක.. ප්‍රසන්න කොහොමත් කප්පමා.. කෝකිලා කියන කෙනා කලේම හම්බ කරපු එක.. අයියාට පස්යාඩ් අරන් දීලා ඒවායින් හම්බ කරපු එක තමයි කළේ...

:       0       2

Nimal Monday, 20 February 2023 08:56 PM

වෙම මොනවත් කියන්න අවශ්‍ය නෑ... බඩවල් ටික දැක්කාම කාපු කෑමේ තරම තේරෙනවා.

:       0       0

ගමේ එකාලා Monday, 20 February 2023 09:17 PM

මහලොකු කෙටුම්පත් ,දූෂිතයන්ට ගසා කන්ඩ අවස්තාවක් හදාගෙන . ,.ඇමතියා සහ හොර දුශිතයො එකතු වෙලා කරපුවා හොඳටම ඇති .,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site