(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
සිංහල අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය සේවා කිහිපයක් හෙට (16 )උදේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන් . ජේ . ඉදිපොලගේ මහතා පැවසීය.
ඒ අනුව එම විශේෂ දුම්රිය බදුල්ල, බෙලිඅත්ත , ගාල්ල සිට කොළඹට ධාවනය කෙරෙන බව ද ඒ මහතා පැවැසීය.
බෙලියත්ත දුම්රිය ස්ථානයෙන් උදේ 8:30 ට සහ ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 6:00 ට, ද බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 07ට ,සවස 5:20ට සහ සවස 6 ට මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ දුම්රිය යෙදවීම හොඳයි. ඊට කලින් නියමිත දුම්රිය ටිකවත් වෙලාවට ධාවනය කරලා, දෙන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කළොත් හොඳයි. දුම්රිය කාලසටහන් පරීක්ෂා කරන වෙබ් අඩවිය සතියකට වඩා අකර්මන්‍යයි. දුරකථනයට ප්‍රතිචාර නෑ. දුම්රිය තියෙන වෙලාවක් පරීක්ෂා කරගන්න විදියක් නෑ. අතිකාලනම් ගන්නවා වැඩ කොහොම වුණත්... විශේෂ දුම්රියත් අතිරේක වැඩක් කියලා අතිකාල ටිකක් දමා ගත්තා නම් හරි...