
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගබ්සා නීතියට යම් සංශෝධනයක් අවශ්‍ය බව තමා පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
සමූහ දූෂණයට ලක්වී ගැබ් ගත් අවස්ථාවලදී ගබ්සාව සඳහා ඇතැම් රටවල් දැනටමත් නීතිමය අවසරය දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සමූහ දූෂණයට ලක්වී ඇති දැරියන්ට දාව උපදින දරුවන් යම් යම් කොන්දේසි වලට යටත්ව ගබ්සා කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන ඒමට කතිකාවතක් ඇති කළ යුතු බව පැවසූ අලි සබ්රි මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනා සලකා බැලීමට සූදානම් බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ප්‍රශ්නය මතු කරමින් මෙහිදී පැවසුවේ සමූහ දූෂණයට ලක් වන දැරියන්ට දාව උපදින දරුවන්( කලලය) ඉවත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නැති වීම නිසා ඇතැමුන් සියදිවි හානි කරගත් අවස්ථාද දක්නට ලැබෙන බවයි.
එවැනි අවස්ථාවලදී ගබ්සාව සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගබ්සා කරන නීති ගෙනෙනවට වඩා. මෙවැනි දේ කරන අය බයවෙන තරමට ඉතා තද නීති සම්පාදනය කරන එකයි වැදගත්...
අපේ රටේ කටයුතු ඉවර වෙන කොට ඒ ඉපදෙන්න හිටපු ලමයාටත් ලමයි හම්බවෙලා තියෙයි