
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය ධරම්පුරම් පොලිස් වසමේ කුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ඇති වූ ගිනිගැනීමකින් එහි සිටි මවක් සහ දියණියක් පිලිස්සී මිය ගොස් සිටියදී හමුවී ඇති බවට පොලීසිය පැවසීය.
නිවසක් ගිනි ගන්නා බවට ධර්මපුරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් කඩිනමින් එම ප්‍රදේශයට ගොස් පරික්ෂා කිරීමේදී ගිනිගෙන විනාශ වූ නිවස තුළ කාන්තාවකගේ සහ කුඩා දියණියකගේ සිරුරු තිබී සොයාගන තිබේ.
මෙලෙස පිලිස්සීමෙන් මිය ගොස් ඇත්තේ හත්දරු මවක් වූ 47 හැවිරිදි ආනන්දරාසා සීදේවි සහ 17 හැවිරිදි ලක්ෂිකා නැමති දියණිය බවටද හඳුනාගෙන ඇත.
ගිනිගැනීම සිදුවන අවස්ථාවේදී නිවසේ වෙනත් කිසිවෙක් සිට නොමැති අතර මිය ගිය කාන්තාවගේ සැමියා වෙනත් ප්‍රදේශයක කුලීවැඩට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.
නිවසේ පිලිස්සී තිබියදී සොයාගත් මළ සිරුරු දෙක පස්චාත් මරණ පරික්ෂණය සඳහා කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් ඇති අතර අදාල මරණයන් ගිනිතබාගෙන සියිදිවි හානිකරගත්තේද නැතිනම් ඝාතනයකොට ගිනිතබා ඇත්තේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් පිපිරීමක්ද දන්නේ නැහැ.. එහෙම වෙලා තිබුණත් ආණ්ඩුව අපහසුතාවයකට පත්වෙන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්...