IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගින්නෙන් දරුවා මරුට : මව පියා අනියම් සැමියා පොලිසියට


(සමිපත් ප්‍රියනන්දන  සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  දෙහිගස්තලාව  මහවත්ත  ප්‍රදේශයේ  ඇති  නිවසක  අද  (09) දා  ඇති වු  ගින්නකින්  නිවස  සමිපුර්ණයෙන්ම  විනාශ  වි  එහි සිටි  අට  හැවිරිදි  පිරිමි  දරුවෙකු  පිළිස්සී  මිය  යැමෙි  සිද්ධියට  පියා, මව  සහ  මවගේ   අනියම්   පෙමිවතා   අද  (09)දා  රාත්‍රියේ  අත්අඩංගුවට  ගත්  බව  බලන්ගොඩ  පොලිසිය පවසයි.

සිද්ධියෙන්  මෙලෙස  මියගොස්  ඇත්තේ  මොහොමඩ්  නශාස්  රිසාස්  නැමති  දරැවෙකු  වන  අතර  ඔහු   දැඩි  ලෙස  පිළිස්සුම්  තුවාල  සහිතව බලන්ගොඩ මුලික රෝහලට  ඇතුළත්  කිරිමෙිදි   මෙලෙස   මියගොස්   තිබෙන බව පොලිසි පවසයි.

අඔුසැමි  ආරවුලක්  හේතුවෙන්    බිරිඳ   ඊයේ  (08)දා  රාත්‍රියේ  අනියම්  පුද්ගලයකු  සමග  නිවසින්  බැහැරව  ගොස්  ඇති අතර   ඇය  සොයා    සැමියාද  නිවසින්  බැහැරව  ගොස්  තිබෙන  අතර  රාත්‍රියේ  අට  හැවිරිදි  දරැවා  පමණක්  ⁣නිවසේ  සිටින  අතර  තුර  අළුයමි කාලයේ  මෙලෙස  නිවස  ගිනිගෙන  තිබෙන   බව  බලන්ගොඩ    පොලිසිය පැවැසීය.

නිවස  ගිනිගන්නා  අයුරු    ප්‍රදේශවාසීන්  දැක  පොලිසිය  වෙත  දැනුම්දීමක්  කර  තිබෙන  අතර  ඒ  අවස්ථාවේදී  සැමියාද යලි   නිවසට  පැමිණ  තිබෙි.

මෙි සමිබන්දයෙන්  ස්ථානීය මහේස්ත්‍රාත්   පරික්ෂණය  බලන්ගොඩ  වැඩබලන  මහේස්ත්‍රාත්  දේශබන්දු සුරියබටබැදි  මහතා  විසින්  සිදුකළ  අතර  රත්නපුර අපරාධ  පරික්ෂණ   නිළධාරිහු ද  බලන්ගොඩ  පොලිසිය  සමග  එක්ව  පරික්ෂණ  සිදු කළහ.

බිරිඳ  කාලයක  සිට  අනියම්  සබදතාවයක්  පවත්වාගෙන  ගොස් ඇති බවත් නිරන්තරයෙන්  අඔුසැමි  ගැටුම්  සහිතව  ජිවත්  වි  තිබෙන බවද  පොලිසිය  විසින්  මුලික  විමර්ශනවලදි  අනාවරණය  කර ගෙන  ඇති බව   පොලිසිය  පැවැසීය. නිවස  ගිනි ගැනිම සමිබන්දයෙන්  සැකයක්  මතුවෙන  බව පොලිසිය පැවැසීය

මෙම ගිනිගත්  නිවසේ  හිමිකරු  අධික  ලෙස අයිස්  මත්ද්‍රව්‍ය   වලට ඇබ්බැහි  වු  මත්ද්‍රව්‍ය  අලෙවි  කරන  පුද්ගලයකු  බවට  ප්‍රදේශවාසීහු  විසින්  චෝදනා  කර  සිටිති. අත්අඩංගුවට  ගත්  සැකකරුවන්   බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව  සිටියහ.

සිද්ධිය  සමිබන්දයෙන්  බලන්ගොඩ  පොලිසියේ  වැඩ  බලන  ස්ථානාධිපති  පොලිස්  පරික්ෂක  ජයතිස්ස මහතාගේ  උපදෙස්  පරිදි  අපරාධ අංශයේ ස්ථානාධිපති  පොලිස්  පරික්ෂක  අයි.එමි.සමරවීර  , ප්‍රේමචන්ද්‍ර , විමලසේන , සහ  නුවන් දර්ශන  යන  නිළධාරිහු  විසින්  වැඩිදුර පරික්ෂණ  සිදු  කරයි.



අදහස් (2)

ගින්නෙන් දරුවා මරුට : මව පියා අනියම් සැමියා පොලිසියට

Mangala Dissanayake Sunday, 10 August 2025 08:06 AM

අනේ පව්, ලස්සන කොලු පැටියෙක්...

:       0       10

So Sad Monday, 11 August 2025 02:54 AM

ලංකාවේ අයිස් වගේ මත්ද්‍රව්‍ය ඔඩු බැහැලා තියෙන්නේ. පොලිසිය ට ආණ්ඩුව ට කිසිම පාලනයක් නැති තරම්. Salon,wheels ඔක්කොම බෙදා හරින තැන් කියලා තමයි ඒවායි ඉන්න අය කියන්නේ. ඉක්මනින් මේ ව්‍යසනය ඉවර කරන්න පොලිසියට නුවණ පහළ වේවා!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site