
(රංජිත් රාජපක්ෂ)
ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක කොස් ගස් 30 ක් කපා දැමිම සම්බන්ධයෙන් තම කාර්යාලය විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය කියා සිටී.
ගිනිගත්හේන පොල්පිටිය 318 ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවකු විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත ඔහුගේ ඉඩමේ තිබු කොස් ගස් 30 ක් පමණ මෙසේ කපා බිම හෙලා ඇති බවත්, කොස්ගස් 03 ක් කැපිමට තමන්ට අවසර ලබාදිය හැකි බවත්, කොස් ගස් 15 කැපිමට දිසාපතිවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බවත්,කොස් ගස් 30 කට වඩා කපා ඉවත් කිරිමේදි ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ලේකම්වරයාගේ අවසරය ලබාගත යුතු බවයි ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටියෙය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ලම කිව්වනෙ පුද්ගලික ඉඩම්වල ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල.ඉතින් එක රටක් එක නීතියක් තියෙන නිසා ඒ මනුස්සයා එහෙම කරන්න ඇති. සිංහරාජෙ මායිමේ තියෙන නීතියම ගිනිගත්හේනෙත් ඇති කියල හිතල වෙන්න ඇති.....
අනේ අපොයි..... මේ අපේ ජාතියට මේවගේ ගහ කොලක අගය නොතේරෙන තරම. පුදුම දුකක් හිතට දැනෙන්නේ මේවගේ මහපොළොව නුහුලන අපරාද. කොස් ගස් 30ක් විනාස කරනවා කියන්නේ මොන තරම් හෙන ගහන අපරාදයක් ද. මේ මිනිස්සු කාන්තාර තියන රටකට ගෙනත් දන්න ඕනි බලන්න. අපිට පේනවා ඒ මිනිස්සු මොනතරම් වෙහෙසක් ගන්නවද තණකොළ ගහක් වවන්න. අපේ මිනිසුන්ට තියන නිසා අගේ නැ . ඔය කාලකන්නි වැඩ කරන උන් මැරිලා යයි එත් දුක් විදින්න වෙන්නේ උන්ගේ දරුවන්ට කියල වුන් දැන් නැ.මේවට වග කියන්න ඕනි ලොකු පුටු වල වාඩි වෙලා ඉන්න අය ඇර වෙන කවුද ඉතින්.
" බත් ගහ" කියල නේද කියන්නේ? ගමට ගිහින් නන්දෙඩවීමේදී මේවා ගැනත් අහයිද දන්නේ නෑ.
ගස් කපපු කෙනා නිදොස් කොට නිදහස්... මොහුට විරුද්ධව පැමිණිලි කරපු පරිසරයට, ගස්වලට ආදරේ කරන කෙනාව වැරැදි කාරයා කරලා ඔහුට බරපතල වැඩ ඇතිව අවුරුදු 20ක් හිරේ යැවිය යුතුයි.