(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගේ රාජකාරි ස්ථානයේ දී ගිනි අවියක් ක්‍රියාත්මක ජීවිතක්ෂයට පත්වී ඇති බව හපුතලේ පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හපුතලේ විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවය කරමින් සිටි එන්. ඩී. චන්ද්‍රසේන නමති 54 හැවිරිදි සැරයන්වරයෙකු බවද පොලිසිය කියයි.
ඔහුගේ හිස කොටස බරපතළ ලෙස තුවාල වී ඇති අතර ඔහු අත තිබූ ගිනි අවිය කෙසේ ක්‍රියාත්මක වූයේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
සිරුර දියතලාව මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර මරණයට හේතුව සොයා ගැනීමට නියමිත බවද හපුතලේ පොලීසිය කියයි.
හපුතලේ පොලිස් ස්ථානාධිපති සේපාල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනිඅවි පිළිබඳව නිසි පුහුණුවක් ලද, නොලද විශේෂ කාර්ය බලකායේ නිලධාරියාගේ හිස කොටසම බරපතල ලෙස තුවාල වූයේ කෙසේද...?