
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ලේදී කාන්තාවකගේ අත කඩුවකින් වෙන් වන්නට කපා ඇයගේ 16 හැවිරිදි පුතුට පහර දි බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික" වනාතේ සම්පත්" නැමැත්තා ටී 56 ගිනි අවියක් සහ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයෙක් සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බොරැල්ලේ දුමින්ද නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීප ඥාතියකු බව පොලිසිය සඳහන් කරයි.
එම සැකකරු සමඟ අංකය මකා දමා තිබූ ටි 56 ගිනි අවියක්, මැගසිනයක් , ජිව උන්ඩ 10 ක් , විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදින බොරැල්ල සරණපාල හිමි මාවතේ නිවසකට කඩා වැදුණ මෙම සැකකරු සහ ඉකුත් 01 වෙනි නාඳුනන පුද්ගලයෙකුගේ වෙඩි පහරකට ලක්ව
ඝාතනයට ලක් වූ පුද්ගලයා එක්ව එහි සිටි 37 හැවිරිදි කාන්තාවකට සහ ඇයගේ පුතුට කඩුවකින් පහර දී බරපතල තුවාල සිදුකර තිබිණි.
එම කාන්තාව බොරැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොරැල්ලේ චතුර්නමැති පුද්ගලයා හා එම පාර්ශ්වය සමඟ සමීප සබඳතා පවත්වන තැනැත්තියක් බවත් පොලිසිය කියයි.
COMMENTS