
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඇමෙරිකන් මාධ්‍ය බොහොමයක් සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවලට එක් වී ඇමෙරිකාව එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සහ ඉරානයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
“යුද ගැටුම් උණුසුම් වෙනවා. ජනාධිපති ට්‍රම්ප් ඔබට යටත් වෙන්නැයි කියනවා. ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කරන්න ට්‍රම්ප් සූදානම්. මොකද මේ ගැන කියන්නේ.” යැයි එක් ඇමෙරිකන් නිවේදකයෙක් ඉරාන විදේශ අමාත්‍යවරයාගෙන් විමසුවේය.
“එන්න කියන්න ඇමරිකන් හමුදාව එනකල් තමයි අප බලන් ඉන්නේ. මට විශ්වාසයි ගොඩබිම සටනකදී ඇමෙරිකන් හමුදාව එක්ක හැප්පෙන්න අප ශක්තිමත්.” යැයි එම අවස්ථාවේදී ඉරාන විදේශ අමාත්‍යවරයා බොහොම සන්සුන් ලෙස පිළිතුරු දුන්නේය.
ඊට අමතරව, ඉරානය කිසිම අවස්ථාවක යටත් වීමට සූදානම් නොමැති බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේය. “අප බොහොම ගෞරවණීය ජාතියක්. අප කාගේවත් බලපෑම්වලට යටත් වන්නේ නැහැ. තර්ජනවලට යටත් වෙන්නේ නැහැ. අපට ගෞරවය දක්වන ආකාරයට අප පෙරළා ඕනෑම කෙනකුට ගෞරව කරනවා. ඇමරිකාවට බැහැ කිසිම දෙයක් අපට බල කරන්න.” යැයි විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd