ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි වුවත් ‘පොහොට්ටුව’ට සහාය දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) ප්‍රකාශ කළේය.
‘ඇතුගල්පුර තීන්දුව හරි අතට’ යන තේමාව යටතේ කුරුණෑගල හෙට්ටිපොළ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ‘පොහොට්ටුව’ට ඡන්දය දිය නොහැකි බවත් පොදු වේදිකාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තම ස්ථාවරය දැනුම් දුන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“රනිල්ගේ සහ මගේ ගැටුම පෞද්ගලික ගැටුමක් නොවෙයි. එය දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ ගැටුමක්. දර්ශනය පිළිබඳ ගැටුමක්. හොඳ සහ නරක අතරේ ගැටුමක්. ඒ නිසා අවසානයේදී රනිල් අගමැතිකමින් පන්නලා මහින්ද රාජපක්ෂ අගමැති කරන්න මට සිදුවුණා. මම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඇමැති මණ්ඩලය විසුරුවා හැරියා.
ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගැසට් පහක් ගහලා නැහැ. මට එහෙම කරන්න වුණේ රනිල් වික්‍රමසිංහ සමයේ තිබූ දූෂිත, රට පාවාදීමේ වැඩපිළිවෙළට විරුද්ධ නිසයි.
මම ආණ්ඩුවක් හදලා දුන්නා. හැබැයි ඔවුන්ට 113ක් හදාගන්න වුවමනාවක් තිබුණේ නැහැ. එය මගේ වැරැද්ද නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහතා අද විපක්ෂ නායක වී සිටින්නේ පොහොට්ටුව නිසා නෙමෙයි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වී සිටින්නේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු බව තහවුරු කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරුන් දුන් ලියුම නිසයි.
පොහොට්ටුවයි අපියි සමගි සන්ධානයක් හදන්න දැන් මාස දෙක තුනක ඉඳන් සාකච්ඡා පවත්වනවා. ඊයේ උදේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මා මුණගැසුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අපි හතරදෙනා සාකච්ඡා පැවැත්වූවා.
මම ඔවුන්ට අපේ මධ්‍යම කාරක සභාවේ මතය දැනුම් දුන්නා. මම අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය ඔවුන්ට කිව්වා. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ මතය කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමේ ඉන්න පාක්ෂිකයාගේ මතය කිව්වා.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න පුළුවන් බව මම කිව්වා. ජාතික වැඩපිළිවෙළක් තුළ ඇති කරගන්නා එකඟතාවක් ඇතුළත අපිට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න පුළුවන්. එහෙත් අපිට පොහොට්ටුවට ඡන්දය දෙන්න බැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුව ලාංඡනයට ඡන්දය දෙන්න බැහැ. ඒ ලාංඡනයට ඡන්දය දෙන්න අපට පුළුවන්කමක් නැහැ. ඒ නිසා පොදු ලකුණකට එන්නැයි මම කිව්වා. එතකොට අපිට එකතුවෙන්න පුළුවන්.
මම මහින්ද රාජපක්ෂ අගමැති කළා. ආණ්ඩුවක් හදන්න උදව් කළා. පාර්ලිමේන්තුවේ තියාගන්න උදව් කළා. විපක්ෂ නායකකම ලබාගන්න උපකාර කළා. අපි ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කළා. ඒ නිසා මෙච්චර උදව් කරපු අපි ඉදිරිපත් කරන යෝජනාවට ඔවුන්ගේ නම්‍යශීලීතාවක් තිබිය යුතුයි. පොහොට්ටුව නම්‍යශීලී විය යුතුයි.” යැයි ද ජනාධිපතිවරයා කීවේය.



- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවා පොහොට්ටුවේ පසුගිය කාලේ දූෂණ, වංචා කරලා මුදල් හම්බ කරපු අය නිසාද කියලා. බැලින්නම් ලාංඡනේ කේස් එකක්ලු.
[රනිල්ගේ සහ මගේ ගැටුම පෞද්ගලික ගැටුමක් නොවෙයි...] ඇති ඇති හලෝ ඔය බයිලේ අහලා අපේ කන් හොඳට පුරුදුයි ! [ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගැසට් පහක් ගහලා..] සාධාරණ නිවැරදි තීන්දුවක් ශ්‍රී ලංකාවේ අධිකරණය මගින් ජනාධිපතිගේ තීරණයට එරෙහිව දුන් නිසා සිරිසේනට පස්ස බිම ඇනගන්න වුණා කියන්න ලැජ්ජා හිතුණද? "මම මහින්ද රාජපක්ෂ අගමැති කරපු නිසා" එයා මට හෙල්ප් කරන්න ඕන කියලද කියන්න තටමන්නේ? ඒක අල්ලස් ඉල්ලීමක් නොවේද? ඒ ගොල්ලෝ එච්චරම ගොබ්බ නැහැ ඔහේ වගේ ! දිවංගත බණ්ඩාරනායක මැතිතුමා වගේ අත උස්සා "ආචාර" කරනවා වගේ පෙන්නන්න උත්සාහ කළත් ඔවැනි දේවල් දැන් ජනතාව තුට්ටුවකටවත් මායිම් නොකරන බව සිහියේ තබාගෙන මේ ඉතිරි මාස කිහිපය සුවෙන් සැපෙන් ගතකර ගමේ යන්න බලන්න...!!! ඔබට දැන් සතුටුද?
හරි බලමු... ඔහොම තමයි පුරසාරම් දෙඩුවේ. පළාත් පාලන ඡන්දයට පෙර එක්කෝ සජිත්ටම සහාය දීපල්ලා.. ඔය කරච්චලේ එපා වෙලා. දැන් ඔය සහය ගත්තත් වගතුවක් වෙනඑකක් නැහැ...
"පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කිරීමට අපි නොකළ දෙයක් නෑ. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කමේ ඉන්නේත්, පොහොට්ටුවේ ඉන්න සේරම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ඒගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ කියලා සහතික කරලා අපි දුන්න ලියුම නිසයි." ඔය කියැවුනේ යස අගේට.
පොහොට්ටුව හොඳයි ගෝඨාභයට කියලා, මෛත්‍රී ඇතුළු අයට අකමැති අය ඕනෑදෙයක් කර ගනීවි. නැත්නම් ලකුණ මාරුකළාට පස්සේ මේ කට්ටිය සහයෝගය දෙන්නේ නැතිව ඉන්නත් පුළුවන්. ගේම්වලට අහු නොවී ඉන්න වග බලාගත යුතුයි.
දේශපාලනය වශයෙන් ගත්විට පොහොට්ටුවට එකතුවෙනවා කියන්නේ සියදිවි නසාගැනීමක් වගේ වැඩක්. සජිත්ට සහයෝගය දුන්නොත් ශ්‍රීලනිපයේ අයටත් නම්බුවක් ඇතුව තත්වයක් තියන් වැඩ කරන්න පුලුවන් වෙනවා. ජවිපය එක්ක එකතු වුණත් මහේෂ් එක්ක එකතුවුණොත් නම්බුයි.
ඔන්න බලාගන්න සාටකව විපක්ෂනායක කමට ගන්න ගහලා තිබෙන ගේම.. අවසාන මොහොතේ යහපාලගේ කටෙන් පැනපු හැටි... දැන් සාටකලාට වෙන්නේ සරම නැතිවම බේරේට පනින්න තමයි...
මෛත්‍රී මහත්තයෝ ඔබතුමා ශ්‍රීලනිප හැරදාලා ඔබතුමාගේම වචනයෙන් කිව්වොත් දූෂිතයින් සමග එක් වුනේ පක්ෂෙට ආදරේටද? එදා අත නැතුව ඔබතුමාට හංසයා වැළඳගන්න පුළුවන් වුණා නම් අද මේ කියන්නේ බයිලා නේද?
නොකියා කියන්නේ සජිත්ට කැමති බව. එතකොට කෙලෙහි ගුණයත් තිබ්බා වෙනවනේ..මරු තියරිය.. නියමයි නියමයි.. ඔහොම යං
මෙයා ඔය හොරගල් අහුලන්නේ අන්තිමට මහින්ද ගච්ඡෙමි තමයි.
මෙයා මොනවා කීවත් අන්තිමට ගෝඨාගේ කකුල් දෙක ලග වැඳ වැටෙනවා. අපි බලන් ඉමුකෝ.. තව දින කීයද?
ජනාධිපතිතුමනි, අපි ඔබතුමා සමගයි අපිට ලක්ෂ 23ක් විතර ඡන්ද තියෙනවා. සමහර විට ඊට වැඩිවෙන්න පිළිවන්.. එකම ස්ථාවරේ ඉන්න.
අපේ අතිගරු ජනාධිපතිතුමාට ජයවේවා...!!!
බණ්ඩාරනායක නාමය අත ලකුණ පාවාදෙන්න එපා...
මම නම් මගේ ඡන්දය දීමට තවම කෙනෙක් තෝරාගෙන නැහැ. අපේක්ෂකයන් ගැන හොඳට අධ්‍යයනයක් කරන්න තිබෙනවා. මොකද ඔය වේදිකා ගානේ අදහස් දක්වන්නන්ගේ ඉතිහාසය ගැන අපි දන්නවනේ...
එ්ක නම් මාර ටැක් ටික්ස් එකක්... දැන් සජිත්ට ලැබෙන්නේ එක්සත් ජනතා පෙරමුණේ පළවෙනි මනාපේ. වෙන කොහෙන්වත් දෙවෙනි මනාපයක් එන්න තැනක් නැහැ. නමුත් ගෝඨාට පොහොට්ටුවේ පළවෙනි මනාපේ... ශ්‍රීලනිපෙ දෙවෙනි මනාපේ..
ඔබ සෑහෙන්න අතරමන් වෙනවා නාගානන්ද දින්නම.
ඔබ කොහොමද කියන්නේ කටක් ඇරලා ගෝඨට සහය දෙන්න පුළුවන් කියලා. ඔබ ආවේ දුෂිතයන්,හොරුන්, මිනීමරුවන්,හිරේ දමනවා කියලා නේද? කොහොමද දැන් මේවා කියන්නේ. ඔබ ඇතුළු හැමෝටම රටේ නීතිය එකයි නේද? හැමෝම වැටුපකට නැතිව සමාජ සේවයක් කරන්නේ නැහැනේ. මේ පත්වීම් ලැබුණා කියලා නීතිය අතට ගන්න කිසිම නායකයෙකුට බැහැ. ඔබ ඇවිත් කෙරුවේ හොරු අල්ලන එක නෙමේ. හොරුන්ගේ කකුල් දෙක ලගට අධිකරණ නිලදාරීන් යවලා නිතිය උල්ලංඝනය කෙරුවා. වෙනත් රටවල නම් වැරැද්දක් කෙරුවනම් ජනාධිපති වුනත් හිරේ යන්න ඕන. නමුත් ඔබ කෙරුවේ කෙඳිරි ගාලා බලය අරගෙන හොරුන් නිදහස් කරපු එක.කරුණාකරලා මිනීමරුවන්ට ජනතාව භාර නොදී කොන්ද පණ තියෙන නායකයෙකුට බලය දීලා අයින් වෙන්න.දුවට කියන්න ලෝකේ කිසිම ජනාධිපති කෙනෙක් නොකරපු වැඩ කෙරුවේ මගේ පියා කියලා පොතක් ලියන්න කියලා.
මෙයා හංසයා ලකුණෙන් එජාප කාරයෝත් රවට්ටගෙන ආපු කෙනෙක් බලයට අාවට පස්සේ එක පාරටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වුණා. අනේ ඉතින් අපිත් මේ ගොල්ලෝ ගහන ගහන පදේට නටනවා.
එන්න තියෙන්නේ පඩික්කමෙන් තමයි. පොහොට්ටුවේ ඉන්නෙත් වෙඩි හරියක් දූශිතයින් මිසක් වෙන මොක්කුද?
පොහොට්ටුව කියන්නේ මහින්ද අප්පච්චිගේ දරුවෙක්. ඔහේ රනිල් අගමැතිකමෙන් පන්නා, නීති විරෝධීව අගමැතිකම මහින්දට දුන්නේ මහින්දව පාච්චල් කරන්න මිසක් එයාට තියෙන ආලයක් නිසා නොවන බව එයාගේ මුළු සහෝදර පවුල් සංස්ථාවම සක් සුදක් සේ දන්නවා. ඒ නිසා සිරිසේන එක්ක ඒ රංචුවම ඉන්නේ නයි වයිරෙන්. ඒක මෙයාගේ මේ "ටිකිරි මොළේට" නොතේරෙන්නේ තියෙන බල තණ්හාව නිසා බව මුළු ශ්‍රී ලංකා ද්වීපයම දන්නා කරුණකි. ඉතින් එහේ මොකට පොහොට්ටුව මත්තේ හැප්පෙන්න යනවාද ? යෝෂිත යළිත් ලුතිනන් තනතුරට පත් කරෙත් මහින්ද හරහා පොහොට්ටුවට යන්න නොවේද ? ජනාධිපති අඟේ ඉඳන් කණ කන පුද්ගලයෙක් බව පොහොට්ටුවේ මුල ඉඳන් අග දක්වාම හැමෝම දන්නවා.
නොකෙරන දීගෙට කෝදුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් කිව්වලු. පොහොට්ටුව ලකුණ කියන්නනෙ පසුගිය පළාත් පාලන ඡන්දයේ දී ශ්‍රී ලංකික බහුතරයක් මනාපය දුන් සලකුණ. එම නිසා එම ලකුණ වෙනස් කරන්න කියල ඉල්ලන්න ශ්‍රී.ල.නි.පයට සදාචාරත්මක අයිතියක් නැහැ. එම නිසා එම ගරු කටයුතු ජනතා මතයෙහි සලකුණට ගරු කරන්න කවුරුත් එකතු විය යුතුයි.
මෙයා සැරින් සැරේ මොනවාද මේ දොඩවන්නේ ? මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ මේ මනුස්සයට රටේ ජනතාව රැවටිලා ඉන්නවා කියලද ?
මහ පුටුවල ඉන්න අය පක්ෂ මාරු කරනවා. ගෙම්බෝ වගේ නමුත් මොලේ නැති ඡන්ද දායකයන් බදාගත් එක බදාගෙන ඉන්නවා. හරි නායකයකුට දෙන්නේ නැතිව තව වසර 10ක්, 20ක් දීලා බලමු හොඳ රටක් අපිට හදලා දෙයි...
ගෝඨාභයට කොහොමත් 50% ගන්නට බැහැ. සජිත්ට 30% ගන්ට බැහැ. ජනතා විමුක්ති පෙරමුණට 25% ගන්ට බැහැ. එහෙම නම් මේක මනාප ඡන්ද පොරයක් නොවෙන හින්දා මොකක්ද කරන්ට වෙන්නේ... වැඩිම ඡන්ද ගත්ත කෙනාට බලය ලැබෙනවා. රටේ දැන් තියෙන විදිය බලපුවම ගෝඨා 35% ගත්තත් දිනුම්... නමුත් ඔහුට රට කරගෙන යන්නට නම් අනිවාර්යයෙන් මහ මැතිවරණයකට යන්ට වෙනවා. ශ්‍රී ලංකා එක ගෝඨාට උදව් නොකෙරුවත් ගෝඨා දිනනවා. කොහොමවුණත් මැතිවරණ කොමසාරිස් මේ ප්රශ්නය බලලා ඡන්ද පත්‍රිකාවට දෙවැනි මනාපයක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මොකද එජාප කාරයෝ කවදාවත් දෙවෙනි මනාපයට ගෝඨාට දෙන්නේ නැහැ. ගෝඨාට ඡන්දෙ දෙන කට්ටිය කවදාවත් සජිත්ට දෙන්නේ නැහැ. අවසානයේ ඡන්ද කොමසාරිස්ට අධිකරණයට ගිහිල්ලා තමයි තීන්දුව ගන්නට වෙන්නේ. මෛත්‍රී ඡන්දයට ඉදිරිපත් නොවෙන නිසා අලුතින් ජනාධිපති කෙනෙක් පත් වෙනතුරු ඔහු බලයේ ඉන්නවා නඩු තීන්දුව ලැබෙනතුරු...
ආප්ප කමුද?
මම අම්මට හරි ආදරෙයි, හැබැයි තාත්තගේ භාර්යාවට කිසි කැමැත්තක් නෑ.
මෙතුමාත් හරියටම අර ජේ.ආර්. ගේ කාලේ හිටිය එක්තරා රාජ්‍ය ඇමතිකෙනෙක් තරමටම විහිළු සපයනවා. ඒ නිසා ඔය කියන දේවල් ගණන් ගන්න එපා.
මෙතුමාත් හරියටම අර ජේ.ආර්.ගේ කාලේ හිටිය එක්තරා රාජ්‍ය ඇමති කෙනෙක් තරමටම විහිළු සපයනවා. ඒ නිසා ඔය කියන දේවල් ගණන් ගණන් ගන්න එපා.
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව පේනවා. මොහු සජිත්ට සෙට් වෙන්න බව පේනවා.
අාප්පයෙන් ඡන්දෙ ඉල්ලමු.. බිත්තර අාප්පේ වඩාත් සුදුසුයි.
මෙයාට මහින්ද හෝ රනිල් ගැළපෙන්න නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනි ගමනක් යන්න. මහ ලොකුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගත්ත නේද?
චරිතාංග විකට නළුවෙක්...
ගරු ජනාධිපතිතුමනි, බණ්ඩාරනායකලා පෝෂණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ඇති විශාල ජන ගගක් ඉන්නවා. බිය නොවන්න දිනන හැටි අපි පෙන්නන්නම්. අපි ගුණ මකුවෝ නොවෙමු .
අපේ ගරු ජනපති උතුමාණන්ට ජයෙන් ජයම වේවා!
එදා ඡන්ද ලක්ෂ 40ක් විතර අරගත්තට අද වෙනකොට ලක්ෂ 23ක් ගන්න බෑ. අපිට ඊට වඩා ගන්න පිළිවන් මන්ත්‍රීවරු එයාලට හිටියට මහජනයා ඉන්නේ අපි සමගයි...
සිරිසේනගේ කතාව හරියට මනමාලි හොඳා... මම කැමතියි.. එ්ත් අම්මගේ කකුල බකල් , බකලේ නැති කොරොත් මම එයාව සහේට ගන්නවා කිව්වා වගේනේ...
අපි ශ්‍රී ලංකා කාරයෝ අත සමගයි...
ජනාධිපතිතුමනි බිය නොවන්න ගෝඨා පරාදයි.
මුන් රට ඇදදමා තියෙන ප්රපාතය රටේ බොහෝ දෙනෙක් දන්නේ නැතිබව තමයි මේ චොම්මේන්ට්ස් වලින් පෙනෙන්නේ මේක තමයි වියසනේ මුන් දන්නවා මොනදේ කලත් වහල්ලු බලන්නේ තමන්ගේ හමුපුතව බේරගන්න 71 වසරක් හොඅ තක්කඩි කණ්ඩායම් 2 ක් රටට කරලා තියෙන විනාශය අතිමහත් අඩු තරමේ අනින්සක සතෙකුටවත් ඉන්න අයිතියක් නැතිකරලා , මේ මහා මංකොල්ලය තේරුම් ගන්නේ කවදාද