(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂයා වන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නාමයෝජනා බාරදීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්‍ෂණ කටයුත්තක් සදහා විදේශගත වීමට ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය මුදා හරින්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (03) නීතීපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (01) නියම කළේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කලේයැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කොට ඇති නඩුව විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව කැඳවනු ලැබු අවස්ථාවේදී විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙම නඩුව විභාග කිරීම සදහා පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලට හමුවේ මෙම නඩුව කැදවන ලදී.
2013 සැප්තැම්බර් මස 03 වැනිදාත් 2015 පෙබරවාරී මස 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්‍ෂ 339 ක් වැයකොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම සදහා කුමන්ත‍්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇති අතර එම රුපියල් ලක්‍ෂ 339 වැය කොට වීරකැටිය මැදමුලන ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් වු 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සදහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
දණ්ඩ නිති සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබද පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹ ගෙඩි 10 ට හිරේ.කෝටි ගණන් ගහපුවහම ඇප විතරයි. මැදමූලනේ කට්ටියට වෙනම නීතියක් තියෙන රටක්.
මේ අවරුදු හතර හමාරක කාලයක් තුළ රාජපක්‍ෂ පවුලේ අයට විරුද්ධව තිබු එක නඩුවක් ඉවර නොවූ අතර තුන්වෙනිදාට නීතිපතිගේ ස්ථාවරය මෙසේය.මෙය මහජනයාගේ මතයයි.ගෝඨාභයට විදෙස් ගත වීමට අවසර දෙන ලදී.
ආරංචිය සිංගප්පුරුවට ප්‍රතිකාර ගන්න යනවා කියලා.ලෙඩ තියාගෙන ජනාධිපතිකමට ඉල්ලන එක හොඳද? ලංකාවේ ඉස්පිරිතාල හොඳ මදිද ?
එක්කෙනෙකුට රටින් යන්න දීලා අද වෙනකනුත් මිනිහා හොයාගන්න නෑ. මේ හදන්නේත් බොරුවට ලෙඩ කියමින් එක්කෝ රට පනින්න එහෙම නැත්තම් අපේ දොස්තරලට හොඳ කරන්න බැරි අමුතු ලෙඩක් තියෙන බව පෙන්නන්න.
සජිත් ජනපති වුනත් එ.ජා.ප.යේ රනිල් ඉන්නා තුරු මේ රාජපක්‍ෂ පවුලේ අයගේ නඩු ඉවර වන්නේ නැත. රනිල් දෙපැත් නයෙක් කියා මේ සිංහලයන්ට තවම තෙරුනේද නැත.රනිල් රාජපක්‍ෂ පවුලට කඩේ යන කෙනෙක් බවද තවම කාටත් තෙරුනේද නැත.
පව් දෙයියනේ..... මෙච්චර අසනීප තියාගෙනද රටට සේවය කරන්න වලි කන්නේ?
කොහොමත් එතුමාගේ මුනෙන් පේනවා විඩාබර ගතියක්. අසනීප තත්වය තවම හොද නැහැ වගේ. වෙන කාට හරි අපේක්ෂකත්වය දෙන්න වෙයි වගේ.
ලංකාවේ තිබෙන රෝහල් වල බෙහෙත් නොවේද තියෙන්නේ. මෙයාගේ පපුවයි, ජනතාවගේ පපුවෙයි වෙනස මොකක්ද.
ගෑණුන්ගේ පින කුණු මුල්ලේ කියන්නේ නිකන්ද අනේ? දැන් අපේ සිරිලිය ආර්යාවට තමා ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්න වෙන්නේ.
යූ.ඇන්.පී අයට දිනන්න මගක් තියනවා. ගෝඨාභයට රට යන්න ඉඩදීලා ගියාට පස්සේ පාස්පෝර්ට් එක කැන්සල් කරන්න. එතකොට අපහු එන්න බෑනේ.