
(රන්ජන් කටුගම්පොළ)
වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ඊට වගකිවයුතු බවටත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය
ඒ අනුව මේ සම්බන්ධයෙන් ගොනු කොට ඇති පෙත්සම්වල පෙත්සම්කරුවන්වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩල හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න යන මහත්වරුන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් ගෙවන ලෙස ද වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නියෝග කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහත්වරුන් විසින් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සම් දෙකක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම තීන්දුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා වෙනමම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 කල් ඉකුත් වීමෙන් පසුව ගොනු කොට ඇති බැවින් නිෂ්ප්‍රභ කරන බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන්, 2020 සිට මෙවැනි ආකාරයක ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව දැන දැනත් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බවද තීන්දුවේ සඳහන් වේ
මෙම ආර්ථික අවපාතය හේතුවෙන් ජනතාවට ඉන්ධන ඖෂධ ආදී මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ලෙස වගඋත්තරකරුවන් ඊට සෘජුවම වගකිය යුතු බවත් ඔවුන් ජනතාවගේ විශ්වාසය සහ ජනතා භාරය උල්ලංඝනය කර ඇති බවත් එමගින් සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී වගඋත්තරකරුවන් මේ සම්බන්ධයෙන් වගකිව යුතු වුවත් ඔවුනට වන්දි මුදල් නියම කිරීම සිදු නොකරන බවද ඒ වෙනුවට පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින් නඩු ගාස්තු පමණක් ගෙවීමට නියෝගයක් නිකුත් කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය සහ චන්දක ජයසුන්දර මහත්වරුන් පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, නවීන් මාරපන, ෂවීන්ද්‍ර ප්‍රනාන්දු සහ මනෝහර සිල්වා යන මහත්වරු පෙනීසිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනම් ලංකාවේ හැමෝටම මේ ගැන ගෙවන්න නියෝග කරන්න තිබ්බේ .කාලකන්නින් හොඳට තිබුන රට කෑවා
එන්න දැන් ඉතින් උසාවි විනිසුරුවන්ගේ ස්වාධීනතාව, උදාරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ කතා කරන්න. ලියන්න. අගයන්න. පාස්කුවේ මහා මොලකරු හොයා ගත්තා වගේ වැඩක් තමයි. චන්ද්‍රා ජයරත්නට ආරාධනා කරමුද පොදු අපේක්ෂක වෙන්න කියලා ඊළඟ ජනපතිවරණයට?
එහෙනම් තවදුරටත් තහවුරු උනා සමූපෙ ගබඩාව බින්ද එකා කවුද කියන එක
නඩු ගාස්තු ගෙවන්න ඕනද
ගරු අධිකරණයේ තීන්දුවට ස්තුතියි ...සිය දහස්වරක් ස්තුතියි ...!!! දැන් අපි බලාගෙන ඉමු හොරු අල්ලනවා කියලා, හොරු 134කගේ චන්දයෙන් ජනාධිපති වුන හොර රනියා නොහොත් බටලන්දේ මිනීමරු බැංකු හොරා කොහොමද මුන්ව අල්ලලා, ජම්පර් අන්දලා බලු කුඩුවට දමන්නේ කියලා.ජම්පර් මහද්දී නාමල් හොර නාම්බාටත් එකක් මහන්න කියන්න.
දඬුවම මොකද්ද ?
රටේ මිනිස්සු නම් ඕක තීරනය කරල තීන්දු කරේ මීට හුඟ කාලෙකට කලින්, හැබැයි ඒ තීන්දුවේ රනිල් සහ යු ඇන් පී ත් ඇතුලත්, කොටින්ම 74ක් රට කෑවේ කවුද කියල මිනිස්සු දන්නවා
ගෝඨ නෙමෙයි මහින්දයි බැසිලයි වග කියන්න ඔින මුන් දෙන්න තමයි හොදටම හොරකමි කරේ බැසිල මහ ලොකු ආර්ථික ඔස්තාර් වෙලා හිටියෙ රට කෑව මුන් දෙන්න වරෙල්ල ඡන්දෙ ඉල්ලන්න දෙන්නමි නියමෙටම සක්කිලි හැත්ත
ඉතා නිවැරදි තීරණයක්. මේ යම 30 වසරක යුද්දය නිම කොට රට සහ දස දහස් ගණනකගේ ජිවිත රැක දුන් බවටත් ශ්‍රේෂ්ටධිකරණය තීරණය කල යුතුය.
හැබයි රනිල් උන්නැහේ හින්ද තවමත් ආණ්ඩුව කරන්නේ මේගොල්ලෝ
ඉතින් මේ අයට අසාමාන්‍ය විශ්‍රාම වැටුප් දීම යුක්ති සහගතද? මෙවැනි භයානක වරදක් කළොත් රජයේ සේවකයෙකුට අත් වන ඉරණම මේ අයටත් විඳිය යුතුයි
කව්ද වගඋත්තර කරුවෝ? දැන් තේරෙනවාද ඝෝඨාභය මහත්තයෝ රට ප්‍රභාකරන්ට යන්න දීල වැලයන පැත්තට මැස්ස ගහල ඇමරිකන් පුරවැසියෙක් වෙලා හිටියානම් හොඳයි කියලා. දෙමලා, හම්බයා, සිංහලයා කියන වර්ගයින් අතරින් පහත්ම එකා සිංහලය කියලා දැන් ඔබට තේරෙනවාද?. අපි දැනුවත්ව එක සිංහලයෙකු මේ රටකට ගෙන්වා ගන්නේ නැහැ.
වරදකරුවන්ට දඬුවමක් තියනවද ?
දඬුවම - මොවුන්ගේ සියළු වත්කම් රජයට පවරාගෙන ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා මරා දැමිය යුතුයි
මම තමයි හොඳටම කලේ කියල පම්බෝරි ගහපු කෙනාට වුන දේ. ඩයනාගේ නඩු තීන්දුව සහ මෙම නඩු තීන්දුව දිහා බලන විට මොනවාද හිතන්නේ?
මම අහලා තියෙනවා, ඡායාරූපයක් වචන දාහකට වඩා කතාකරනවාලු. පෘතුගීසිකාරයෝ මැලේසියාවෙන් මැලේ ජාතිකයින් ලංකාවට ගෙනාවේ එක්තරා විශේෂිත හේතුවක් නිසයි. ඒ තමයි මැලේ හෙවත් ජා මිනිසුන් " ආණ්ඩුව " කෙරෙහි තද බැඳීමක්, ගෞරවයක් තියන සමාජයක් වීම. කොටින්ම ඔවුන් ආරක්ෂකයින් ලෙස ආණ්ඩුව සහ භාණ්ඩාගාරය අරක්ෂා කළා පණ වගේ. නමුත් මැලේ සම්භවයක් ඇති මිත්තණියකගේ මුණුපුරන් වන මේ හොර පවුල ආණ්ඩුවට තිබෙන ගෞරවය කෑලි කෑලිවලට කඩා බිඳ දමා, මුත්තාවන මාටින් පැවතෙන සිංහල සම්භවයේ මුල් පුරුක කියා කියන විජය නම් පල් හොරාගේ අඩි පාරේ ගියා, රටම කොල්ලකමින්, නැත්තටම නැතිකරමින් රට විනාශ කළා. මොවුන්ගේ මුහුණුවල තවමත් මැලේ පෙනුම තිබුණත්, මැලේ ජාතිකයින්ට ආවේණික අවංකකම නැතිවෙලා... සිංහලයාට විජයගේ ප්‍රවේණියෙන් ලැබුණු හොරකම ඉස්මතු වුණා...
යකෝ මුන්ව කාලත් මදි , බයියනේ තොපේ වටිනා චන්දෙ ගන්න , මුන්කෙප්ප කෙලලා, කෙලලා, තොපිව රවට්ටලා , උඹලාගේ විලි වහගන්න චන්දෙ කාලේදී දුන්න අමුඩ ගලවලා දාපල්ලා, තොපි අද හෙළුවෙන්.දැන් මුන් තුන්දෙනා ඇතුළු උන්ගේ අම්බරෂ්ටයෝ රැලම මස් කඩේට දක්කන්න ඕනා.
මේ මෝඩ රැළේ කරපු විනාශයට දඬුවම් විඳින්නේ සමාජයේ සමහර තරාතිරමේ ජනතාවයි..!
මේසා විශාල අපරාධයක් රටට කරලත්... ලෝක පාලක දෙවිදේවතා වරුනි, ඔබ වහන්සේලාගේ මහා දේවාධිකරණයට අපි ඇපෑලක් ළඟදීම ඉදිරිපත් කරනවා...!
ඔය බෙල්ලේ දමාගෙන ඉන්න සාටක වලින්ම එල්ලන්න ඕනෑ.
මහින්දයා ඇමරිකාවේ හිටපු,බැසිල් ,ගෝටා ගෙනත් පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගියා.අන්තිමට ,පවුලේ හතර වරිගෙම ඉන්න උනුත් ලන්කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාසකෙරුවා.හරිනම් රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් එකෙක් නෑර ඉන්ඩ ඕනේ හිරේ.
රාජපක්ෂලා ඩොලර් බිලියන 50.0ක් මංකොල්ල කා විදේශ බැංකුවල තැන්පත් කිරීමට හේතුව ආරක්‍ෂාව සඳහාය. වත්මන් ජනාධිපතිතුමා ඒ මුදල් ආපහු ගේන්න කිව්වොත් ඒ අය ඊට අවනත වෙනවා. නමුත් ඒ මුදල් ආපසු ගේන්න කියලා ජනාධිපතිතුමාවත් වෙන කවුරුවත් තවම කියලා නැහැ.
මහ දවල් සිදුකල මහ බැංකු මංකොල්ලයේ මහ මොලකරු ඇතුලු පිරිස නිදොස්කොට නිදහස් කරලද අපේ හාන්දුවනේ !
ඕකට මහ බැංකු හොරු ටිකත් එක් කරානම් තමා සම්පූර්ණ
ලෝක ප්‍රසිද්ධ " චවුර පවුල " .මුන්ව හිරේ දාන්නේ කවදාද ?
මේවත් ජෙප්පෝ ගෙනාපු චරිත තමයි...
එතකොට මේ රට විනාශ කරපු මිනිස්සුන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි?
නරි නාටක ඇරඹුනා... අපි රැවටුණා.. ඕන නම් අන්තිම මාස 2 විතර මාවත් ඇතුළට දාපන් කියන්න ඇති...
යුද්ද කාලෙට වැඩි දුකක් දැන් මිනිස්සු විඳින්නේ. යුද්ද කාලේ මිනිස්සු නොකා නොබී හිටියේ නෑ. ඒ කාලෙට වඩා වැඩි විනාශයක් මේ කරලා තියෙන්නේ. ගෞරවනීය අධිකරණයට අපගේ ස්තුතිය.රටට කරපු අපරාධය ට නිසි දඬුවම් ලැබෙයි. මිනිස්සු මොනතරම් අසරණද දැන්. කොහොම තිබුණ රටක්ද.
ප්‍රියන්ත ජයවර්ධන වරක් බැසිල්ගේ නීතිඥයා?
හරි නම් මේ අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළයුතුයි...
ගුවන් තොටුපළේ ජාතික කොඩිය උස්ස ගෙන ගෝටාට ඡන්දය දීමට විවිධ රටවල් වලින් ලංකාවට ආපු අයත් වග කිව යුතුයි
දැන් හරි නේ ඔන්න රාජපක්ෂ පවුල මේ රට බංකොලොත් කළා කියලා නීත්‍යානුකුලව ඔප්පු උනා ,රට බේරාගත්තා වගේම රට විනාශ කළා.නමුත් එයාලා ආසියාවේ ධනපතියන් උනා
රනිල් වික්‍රමසිංහට විරුද්ධව ශ්‍රේෂ්තාධිකරණයෙන් කවදා හරි තීන්දුවක් දෙයි කියලා අපි හිතනවා .පළාත් පාලන චන්දය කැන්සල් කරලා දැම්මා .ඒකට ආණ්ඩුවට රුපියල කෝටි 20 කට වියදම් උනා .ඒ සියලුම සල්ලි රනිල් වික්‍රමසිංහ ගෙන් අයකරගන්න කියලා නියෝගයක් ලැබෙයි කියලා අපි හිතනවා
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
යුද්ධය, සංවර්ධනය, සහජීවනය, ආගම, ජාතිය, දරු කැක්කුම තමයි මොවුන්ගේ ආයුධ... නොදකින් මළ පෙරේතයින් ටික...!
වෙඩි තියලාම දාන්න ඕනෑ...
ඇයි වන්දි මුදල් නියම නොකරන්නෙ......දඩුවම් නොකරන්නෙ......?
හනෙ හපොයි...... දශක තුනක යුද්දෙ ඉවර......එක්කොත් ඔනෙ නැහැ.
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...
මෙවුන්ගෙ නම් ගොඩනැගිලි, පාසල් ඇතුලු සෑම තැනකින්ම ඉවත් කල යුතුයි, මතක් කල යුතු නැති බන්කොලොත් උන්
ප්‍රජා අයිතිය නැතිකළ යුතුය.
හැබැයි වගකීම පැහැර හැරලා තියනවා තමයි. අරගල භුමියක් කියලා හදලා පනින රිලවුන්ට ඉනිමන් බැඳලා එක එකාට නටන්න දීලා බලා ගෙන හිටියා ගෝඨාභය. අර්බුදයට පාර කැපුවේ යහපාලන ආණ්ඩුව. කිසිම සංවර්ධනයක් කළේ නැහැ ණය ගත්තා වැඩි පොලියට බැඳුම්කර වලින්... ආණ්ඩුව ගේන්න උදවු කරපු අයට සැලකුවා. පාස්කු වෙන්න දීලා බලාගෙන හිටියා. ආර්ථිකය වර්ධනය අඩුවෙන්න ගත්තේ 2016 ඉඳලා. හැබැයි ඒ ගැන අවබෝධයක් තිබුණු එක විනිසුරුතුමෙක් හිටියා. අපේ රටේ හැම දෙයක්ම දූෂිතයි... ගෝඨාට කරන්න බැරි වුණේ ඒකයි. යහපාලනය කරගහපු එක තමයි කරන්න වුණේ.
දෙමව්පියන් ජීවතුන් අතර හිටියා නම් කොතරම් ආඩම්බරයක්ද
මම බැලුවේ මුන්දැලා මහ ඉහළින් තියාගෙන අනෙක් අයට බනිමින් ජාති බේද වපුරමින් සිටියි.. ආරච්චිට වුනේ මොකක්ද කියලා තමයි... ඒ මිනිහා මේකට කිසිම අදහසක් දාලා නැහැනේ...!