
(අංජුල මහික වීරරත්න)
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කලින් බුද්ධි තොරතුරු නොලැබුණු බව බන්ධනාගාර කොමසාරිස්(වැ.බ) ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පැවසීය.
අදාළ සිදුවීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබී තිබුණාදැයි රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස්වරයා මේ බව කීය.
"එවැනි බුද්ධි තොරතුරක් කලින් ලැබිලා තිබුණේ නෑ.රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති නොනවන විදිහට තමයි නිලධාරීන් යොදවලා තිබුණේ. එවැනි නිලධාරින් යොදවලා තිබුණ නිසා තමයි හානිය මේ තරම් අඩු කරගන්න පුළුවන්කම ලැබුණා යනුවෙන් ද කොමසාරිස්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd