IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගේට්ටුවේ හැපුණු ගිලන් රියේ බියර් ටින්

(එස් ඩී කොඩිකාර සහ අජිත් ලංකාතිලක) 

දෙණියායේ සිට මාතර දක්වා රොගීන් දෙදෙනකු රැගෙන යද්දී අනතුරට පත් ගිලන් රථයේ තිබී බියර් කෑන් දෙකක් සොයාගත් බව මොරවක පොලිසිය කියයි.

දෙණියාය මූලික රෝහලට අයත් ගිලන් රථයක් මොරවක අතුඇල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගේට්ටුවක වැදී  අනතුරක් සිදුව තිබිණි.

අනතුර සිදුවන අවස්ථාවේ ගිලන් රථය මාතර මහ රෝහල වෙත රෝගීන් රැගෙන යමින් සිට ඇති අතර අනතුරින් පසු රියදුරු පලා ගිය අතර පසුව පොලිසිය බාර විය.

රියදුරා බීමතින් සිටියේ ද නැද්ද යන්න සොයා බැලීම සදහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා  යොමු කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.

අනතුරට පත්  ගිලන් රථයේ ඉදිරිපස බීර කෑන් දෙකක් තිබී සොයාගත් බව පොලිසිය කියයි.

මාතර මහ රෝහල කරා රැගෙන යමින් සිටි රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අංශ සහ පොලිසිය මැදිහත් වී වෙනත් ගිලන් රථයක් ගෙන්වා රෝහල් කරා යවා තිබූ අතර අනතුරින් ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවී තිබූ බව පොලීසිය පවසයි.

 



අදහස් (2)

ගේට්ටුවේ හැපුණු ගිලන් රියේ බියර් ටින්

maalaka Thursday, 18 September 2025 08:04 AM

ලංකාවේ වෘත්තීමය සදාචාරය අන්තිමයි. අවිනීතිය සහ දූෂණය රජ කළා, මුදල් පසුපස හඹා ගිය නොසන්ඩාල සංස්කෘතියේ පල විපාක. හැමදේම බාහිර නීතිවලින් හදිය නොහැකි බවත් , පුද්ගල යහපත් ක්‍රියාකලාපය වඩාත් වැදගත් බවත්, ලාංකිකයෝ තේරුම් ගන්නේ කවදාද?”

:       0       0

MD Thursday, 18 September 2025 08:34 AM

රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික බස් රථ ගාල් කරන ප්‍රධාන බස් නැවතුම් පොළවල් අසල ඇඟිලි සලකුණු වෙනුවට රියදුරු මහතුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පරීක්ෂා කරන යන්ත්‍ර සවිකරනු.ඵමගින් රෝහල් ගාස්තු(සැත්කම් සමග)වන්දි මුදල් ජීවිත හානි මාර්ගවලට වන හානි වශයෙන් විශාල නිරපරාදේ වැයවන මුදල් දේපළ හානි වලක්වා ගත හැකිය යන්න මගේ අදහසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site