
(නිමල කොඩිතුවක්කු)
පවතින අධික වර්ෂාපතනය හමුවේ මහවැලි, කැලණි, ගිං, නිල්වලා සහ කලු ගංගා ආශ්රිත ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පවතින වැසි තත්ත්වය වැඩි වුවහොත් ගංගා ආශ්රිත පහත් බිම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින පුරා පිහිටි බොහෝ ප්රධාන ගංගා සහ අතු ගංගා වල සැලකිය යුතු ජල මට්ටමක් පවතින බැවින් එම ප්රදේශවල පහත් බිම් වල සිටින ජනතාව අවධානයෙන් පසුවීම වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් ඒවායේ ගමන් කිරීම, ඔරු පැදීම සහ දිය නෑමෙන් වැලකී සිටිය යුතු බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd