
ශෂි ප්‍රභාත් රණසිංහ ලංකාදීප වෙබ් අඩවියට ලියූ සුභාවිත ගීත විචාර ලිපි එක්තැන් කළ "ගී විනිස" ග්‍රන්ථය එළි දැක තිබේ.
ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ලිපි අතුරින් තෝරා ගත් විචාර ලිපි 46 ක් එහි ඇතුළත් ය. සුභාවිත ගීතයේ රසමුසු තැන් සොයමින් රසික මනසේ චමත්කාරය ජනනය කිරීමට ඉවහල් වන ගී පද සහ කවි සංකල්පනාවන්ගේ අපූර්වත්වය සුවිශද කිරීම අරමුණ බව කෘතියට පෙරවදන ලියමින් ශෂි ප්‍රභාත් රණසිංහ සඳහන් කරයි.
නව කතා හතරක්, කාව්‍ය සංග්‍රහ දෙකක් ,විචාර ග්‍රන්ථ අටක්,පරිවර්තන කෘති දෙකක් ,ස්වතන්ත්‍ර ගේය පද රචනා ග්‍රන්ථයක් සහ ළමා සාහිත්‍ය කෘති දහයක් රචනා කර ඇති ශෂි ප්‍රභාත් රණසිංහ සාහිත්‍ය විචාර කලාවේ නව මානයන් සොයන නිර්මාණවේදියෙකි.
අමරසිරි පීරිස් ගයන "ප්‍රේම තටාකේ හංසරාජිනී"සමන් ලෙනින් ගයන "බේරේ වැවට හඳ වැටිලා" ජගත් වික්‍රමසිංහ ගයන" සඳ කත්මිණ" ශෂීගේ ගීත නිර්මාණ අතුරින් කිහිපයකි. ශෂි ප්‍රභාත් රණසිංහගේ "ගී විනිස -සුභාවිත ගී පෙදෙහි රසහව්" ග්‍රන්ථය ගොඩගේ ප්‍රකාශනයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටුවා ටීකා ටිප්පණි ........කුමට? වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ටයි! උත්කෘශ්ටයි! අතිඅනර්ඝයි! සකිය, සරසවි වරමින් නැණ පහන් ආලෝකය දසත උතුර උතුරා වාන් දමන්නට මේ ඔබේ කාල පරාසයයි!