(අජන්ත කුමාර අගලකඩ)

ලබන මාසයේ ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් කෝටි 42 ක (රුපියල් කෝටි 8, 610  පමණ )මුදල සොයා ගැනීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ .

එම මුදල ලබා දෙන ලෙස  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර  ඇතත්, මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි  එම ආරංචි මාර්ග සඳහන් කරයි .

තෙල් සංස්ථාවට රුපියල්  සොයා ගත හැකි නමුත් ,ඩොලර් සොයාගත නොහැකි බව ද මේ තත්වය හමුවේ ඉන්ධන ගෙන්වීම බරපතළ අර්බුදයට ලක්ව ඇති බවද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට ඇමරිකානු ඩොලර් කෝටි 370ක පමණ මුදලක් ගෙවීමට ඇතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා ලංකා බැංකුවට ඇමරිකානු ඩොලර් කෝටි 196 ක පමණ මුදලක් ද මහජන බැංකුවට ඇමරිකානු ඩොලර් කෝටි 176 ක පමණ මුදලක් ද ගෙවීමට ඇතැයි සඳහන් කර ඇත .