ඉන්දිකා රාමනායක
දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ්රයේ ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස් තවත් සේවකයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 20 ට අධික පිරිසකගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ප්රකාශ සටහන් කරගත් පිරිස අතර තෙල් සංස්ථා ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සේවකයන් කිහිප දෙනෙකු වන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම ගැටුම් සිද්ධිය මුල් වු බව කියන ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්රී කුලතිස්ස ගීගනගේ මහතාගෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසයි.
මෙම සිද්ධි සී සී ටී වී දර්ශන පොලිසිය වෙත ලබාගෙන ඇති අතර ඒ අනුව පරීක්ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු ඉදිරියේ අත්අඩංගුවට ගන්නා බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරීශ්රරයේ ඇති සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීම සිදුකරමින් පවතින බවද උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තැබීම ගැන පරීක්ෂණ කිරීම හොඳයි. ඇමති ආරක්ෂකයින්ට එසේ කිරීමට සිදුවූ පසුබිම කොතෙක් දුරට සාධාරණද යන්න ගැනත් ඊට පෙර හොයන එක තවත් හොඳයි.
මම අර්ජුනට කිසිම කැමැත්තක් නැත. නමුත් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ගත් තීරණය දේශපාලන තීරණයක් නොවන බව ඉතා පැහැදිලියි. කුමන ඇමති වරයෙක් බලයේ සිටියද සේවකයින්ට හෝ ජනතාවට නීතිය අතට ගත නොහැකිය. අප රටක් ලෙස ගමන් කළයුතු මාර්ගය දාමරිකකම නොවේ. මියගිය පිරිසට මගේ කණගාටුව ප්රකාශ කරමි. දේශපාලකයන් පසුපස නොයන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලමි. මොකද අප මියගිය විට අසරණ වන්නේ තම පවුල, දරුවන් පමණි. දේශපාලන ඇසින් නොබලන්න...
ඇමති ආරක්ෂකයෙක් යොදවලා තියෙන්නේ ගිනි අවියක් සමග ඔහුව ආරක්ෂා කරන්න. ඒක ඔහු බාරගත් රාජකාරිය. මෙච්චර ඉක්මනට මේ දේශපාලුවන් සමග සිද්දිය වූ ස්ථානයට සෙනග පැමිණියේ සංවිධානාත්මකව කරපු කුමන්ත්රණයක් සහ සිතාමතා සැලසුම් කරපු ක්රියාවක් නිසා. ඒක තමයි ඇත්ත. අනික අර්ජුන මහතා ලංකාවට ගෞරවයක් ගෙනදුන් සම්පතක්. ඔහුව අනිවාර්යෙන් ආරක්ෂා කරන්න ඕන. ඔහු නීත්යානුකුලව පත් වෙච්ච ඇමති කෙනෙක්.
එක රාත්රියක් තුළ ඇමතිවරයෙක් ඔහුගේ වරදක් නොමැතිව ආණ්ඩු මාරුව සිදුවුණා නිසා බලයෙන් පහකෙරුනම ඔහුට ඔහුගේ පරණ කාර්යාලයට යාමට අයිතියක් ඇත....... සාධාරණ සැකයක් තිබෙනවා නම් එම ගමන වැළකීමට එහි ආරක්ෂක අංශයට හෝ එහි පාලකයන් ගේ ඉල්ලීම මත පොලිසියට පුළුවන , නමුත් එහි සේවකයන්ට හෝ පිටස්තර පුද්ගලයන්ට , හිටපු ඇමතිවරයා බලයෙන් රඳවාගැනීම කිසිම නීතිමය බලයක් නොමැත , ඔහුගේ ජිවිත තර්ජනයක් තිබේ කියා පෙනෙනවා නම් , වෙඩි තබා හෝ ඔහු ආරක්ෂා කිරීම ආරක්ෂකයන්ගේ වගකීම වේ , මෙවැනි අවස්ථාවක තීරණ ගැනීමට ඇත්තේ තත්පර කිහිපයකි , හොඳ උදාහරණය යාපනයේ විනිසුරු ආරක්ෂා කිරීමට ගොස් මිය ගිය පොලිස් නිලධාරියා , සමහර විට මෙම නිලධාරියා ක්රියාත්මක නොවී සිටිය නම් ඔහු සහ අර්ජුනත් කලබලකාරී පුද්ගලයන් අතින් මිය යාමට බොහෝවිට ඉඩ තිබුණි , එහෙම වුනානම් , රටේ කලබල ඇතිවීමට ඉඩ තිබුණි , අර්ජුන යනු ලෝක ප්රකට පුද්ගලයෙකු නිසා මෙය ලෝකය පුර ප්රචාරය වී ලෝකයේම අවධානය අපේ රටට්ට එල්ලවී අපේ ආර්ථිකය කබලෙන් ලිපට වැටීමට ඉඩ තිබුණි