(දයාසීලි ලියනගේ)
මින් ඉදිරියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ සේවක රැස්වීම් පැවැත්වීම සඳහා මානව සම්පත් හා පාලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පූර්ව අවසරය ලබා ගත යුතු බව සංස්ථාවේ මානව සම්පත් කළමනාකාරවරයා විසින් නියම කර තිබේ.
සංස්ථාවේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දී සේවක රැස්වීම පැවැත්වීම රාජකාරී වේලාව තුළ සාමූහිකව ඔබමොබ යමින් රැස්වීම් පැවැත්වීම කාර්යාලයෙන් කාර්යාලයට රාජකාරි නොවන කටයුතු සඳහා යාම සම්පූර්ණ තහනම් බව ඔහු සදහන් කර ඇත.
සාමූහිකව හා කුඩා කණ්ඩායම් රැස්වීම හේතුවෙන් රාජකාරියට බාධාවක් වෙනවා නම් අංශ ප්‍රධානියා විසින් ඒ බව ආරක්ෂක අංශයට දැනුම් දිය යුතු බව ද ඔහු සඳහන් කරයි.
හදිසි රැස්වීම් විසිරවීමට ආරක්ෂක අංශයට බලතල ඇත. ආරක්ෂක අංශයට එය පාලනය කළ නොහැකි නම් පොලිස් ස්ථානය දැනුවත් කර අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගත යුතු බව ද ඔහු සඳහන් කරයි.
ඛනිජ තෙල් නිෂ්පාදනය ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
This is very good move. ask them to work
ජනතාවට ඕන රාජ්‍ය ස්වය. ඇමති කාංචන වැඩ්ඩා. අනිත් ඇමතිලාට කොන්ද තියෙන්න ඕන මේ වගේ වැඩ කරන්න.
නියමයි.. ගෝතයින්ට කෝප්ප හෝද හෝද ඉන්න වැඩ කරන වෙලාවේ...
හොඳ වැඩක්. ඕනම ආයතනයක දියුනුවට හොඳ විනයක් අවශ්‍ය වෙනවා. රාජ්‍ය ආයතන වල වැඩ කරන බහුතරයක් මේ රටට බරක්. දේශපාලන පත්වීම් තමයි මේකට හේතුව. අධ්‍යාපනය හා සෞඛ්‍ය හැර අනිත් සියලුම දේ පෞද්ගලිකරණය කරන්න ඕනි.
ඕක විකුණලා දාන්න. අලුතෙන් නීති දාන්න දෙයක් නැහැ ජනතාව ප්‍රාණ ඇපයට තියාගැනීමේ අසික්කිත ක්‍රමය මේ රටෙන් දුරුකළ යුතුයි මේ අය ජනතා මුදලින් නඩත්තු වෙවී ජනතාවටම කොකා පෙන්නවා. ප්‍රශ්නයක් තියේ නම් ජනතාවට කියලා සියලුම රජයේ සේවකයන් තමන්ගේ වැඩ කරන්න. මොකද මිනිස්සු අමාරුවෙන් නොකා නොපී පඩි ගෙවන්නේ. කැරකෙන පුටු වාහන, වායු සමීකරණවලට ගෙවන්නේ. මෙය පාර්ල්මේන්තු පනතකින් සම්මත කර සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවාවන් අත්‍යාවශය සේවාවන් බවට පත් කරන්න.
ඛනිජ තෙල් ආයතනයේ පවතින සියලු unions විසුරුවා හැර ආයතනයට එක union එකක් ඇතිකරන්න, අලුත් කණඩායමක් පත් කරන්න.