IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඛනිජ තෙල් ව්‍යාපාරයට විදේශ සමාගම් 24 කින් යෝජනා

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට ඛනිජ තෙල් නිෂ්පාදනය ප්‍රධාන රටවල සමාගම් ඇතුළු සමාගම් 24 ක් යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් එම යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා පත්කර ඇති කමිටුව යෝජනා ඇගයීමට ලක්කර ක්‍රියාවලිය සති හයකින් අවසන් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



අදහස් (8)

ඛනිජ තෙල් ව්‍යාපාරයට විදේශ සමාගම් 24 කින් යෝජනා

Prase Sunday, 28 August 2022 02:49 PM

කාංචන ඇමැතිතුමා කියන්නේ වැඩ්ඩෙක්... ඔබතුමාට අපි ජනතාව හැටියට සුබ පතනවා. තෙල් සංස්ථාවේ හොරු කුලප්පුවෙලා... පුහුල් කපනවා.

:       3       64

ABSunday, 28 August 2022 06:29 PM

ලංකාවට ඉන්ධන ගෙන්වීම සහ බෙදාහැරිම පුද්ගලික අංශයට පවරා තරගකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යයුතුවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, නෝර්වේ වැනි ලෝකයේ බොරතෙල්, ඉන්ධන, ගෑස් නිපදවන්නාවූ රටවලට අවස්ථාව ලබාදෙන්න. ඉන්දියාව සහ චීනයද ඉන්ධන ලබාගැනීම සිදුකරනු ලබනුයේ මැදපෙරදිග සහ රුසියාවෙන්ය..!

:       0       9

ajith Sunday, 28 August 2022 02:54 PM

නෝර්වේ සමාගම්වලට නම් යන්න එපා. මොකද, ඒ ගොල්ලෝ අල්ලස් දෙන්නේ නැහැනේ...

:       26       4

AjithSunday, 28 August 2022 06:09 PM

අන්න ඒකයි. ඒ ගොල්ලො කෙලින්ම අවි තමයි දෙන්නේ. හැබැයි කොටින්ට විතරයි. මතකයිනේ ඒ කාලේ මුලතිව් වලට දවසකට මෝටාර් 10,000ක් ගහන්න පුළුවන් වෙන්න අවි නැව් එව්වා. තව ජර්මන් ඉංජිනේරුවන් ගෙනැල්ලා දුන්න සබ්මැරීන් සහ විශේෂිත කාලතුවක්කු හදන්න. හිස් පතරොම් නැවත පිරවුම් කර්මාන්ත ශාලාවකුත් හදලා දුන්නා.

:       6       26

Dharmatileke Sunday, 28 August 2022 03:02 PM

ඉක්මණින් වඩාත් හොඳ තීරණයක්...

:       1       22

sugath Sunday, 28 August 2022 06:16 PM

ඕක තමා '63 ට කලින් මේ රටේ තිබ්බ විදිය...

:       0       7

podimalli Sunday, 28 August 2022 08:14 PM

සුදුහුණු ගානවා නෙවෙයි. ඔබ මොනවා හරි උත්සාහයක් දරනවා. හැම ආණ්ඩුවකම ඇමැතිකම් වැඩිහරියක් දැරුවේ නාකි පප්පලා සහ වැඩබැරි ටාසන්ලා. කියත් මගේ ජෝකර්ලා හින්දා තමයි ගෝඨාට යන්න වුණෙත්.. දැන් යූනියන් කාරයින් නැට්ට ගිනිඅරන් රටම ගිනිතියයි පුද්ගලීකරණය කරනවා කියලා. සැලෙන්න එපා සුබ අනාගතයක්...

:       0       2

Bamunuarachchi Tuesday, 30 August 2022 08:08 AM

ඉන්ධන ගෙන්වීම හා බෙදාහැරීම විදේශීය කොම්පැනිවලට බාරදෙමු. එතකොට බදු මුදල්වත් ලැබෙයිනේ. ආර්ථිකය හරිගිය දවස නැවත රජයට පවරාගෙන බංකොලොත් වෙනකන් පන්දම අරන් දුවමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 420 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site