(බිමල් ශ්‍යාමන් ජයසිංහ,සුමිත් පොතුපිටිය සහ එච්.එම්. ධර්මපාල)
වසර ගණනාවක සිට තීරු බදු රහිතව මෙරටට රැගෙන ආ ජංගම දුරකථන 348 සමග සමග ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
රුපියල් කෝටි 12 පමණ වටිනා ඉහල වටිනාකමින් යුත් විවිධ වර්ගයේ ජංගම දුරකථන 348 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
කොල්ලූපිටිය නගර මධ්‍යයේ පිහිටින්න සුපිරි වෙළද සංකීර්ණයක් තුළ පිහිටි රහසිගත ගබඩාවක ජංගම දුරකථන තොගයක් සඟවා ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් එම බලකායේ බුද්ධි නිලධාරීන් වන පොලිස් සැරයන් 428 ජයලාල් 409 විජය රත්න සහ පොලිස් කොස්තාපල් 39850 අෂාන් යන නිලධාරීන් එම ස්ථානයේ ආවේශන රාජකාරී යොදවා එම තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd