
(රෝෂන් තුෂාර)
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් ළමුන් සඳහා පෝෂදායි සෞඛ්යාරක්ෂිත හා දේශීය ආහාරයන්ට මුල් තැන ලබාදෙන "ආහාර ප්‍රතිපත්තියක්" හඳුන්වා දීමට නගර සභාව ඒකමතිකව තීන්දු කොට ඇත.
මෙම ආහාර ප්‍රතිපත්තිය පසුගියදා පැවැති සභා වාරයේදී විවාදයකින් තොරව සම්මත කළ අතර පාසල් ආපනශාලා වල මෙම ආහාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට තීරණය කර ඇත.
පාසල් ළමුන් තුළ බහුලව දක්නට ඇති අධික බර ස්තුලතාවය වැනි බෝ නොවන රෝග සීඝ්රයෙන් පැතිර යාම සැලකිල්ලට ගනිමින් මෙම ආහාර ප්‍රතිපත්තිය හඳුන්වා දෙන නගර සභාව එහිදී කෙටි කෑම, පැණි බීම වෙනුවට දේශීය ආහාර සඳහා මුල්තැන ලබාදෙමින් සෞඛ්‍යමත් ආහාර රටාවක් පුරුදු කිරීමට කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd