(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වසරකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ කෙහෙල් බද්දර පත්මේ සහ පානදුරේ නිලංග නමැත්තන්  බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි

2025 වසරේ අගෝස්තු මස 31 වැනි දින කෝරළ ගමගේ මන්දිනූ පත්ම සිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පිරිස ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනිණි

කෙහෙල් බද්දර පද් මේ නැමැත්තාගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබී අනාවරණය වූ දේශපාලනඥයන් , නිරූපණ ශිල්පිනියන් ගේ ඡායාරූප හා විවිධ ප්‍රදේශවල ඒ. ටි. එම්. කුටි වලින් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට බැර කළ බවට සටහන් වු ස්ලිෆ් පත් ඔස්සේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ දුරකථන අංක ඔස්සේ ද ඉතා පුළුල් විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය