
(බී.ජානක ගෝමස්)
මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වරද පිළිගැනීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද දින (17) රුපියල් පන්දහසක දඩයක් නියම කළේය.
නැවතත් මෙවැනි වරදවල් සම්බන්ධයෙන් අධිකරණයට පැමිණිය හොත් පුනරුත්ථාපනයට යොමු කරනු ලබන බවද මහේස්ත්‍රාත්වරිය සැකකරුට තරයේ අවවාද සිදු කළාය.
වැල්ලවත්ත පොලිසියටෙ ලද තොරතුරකට අනුව වැල්ලවත්ත වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලකදී සිදු කරන ලද වැටලීමකින් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර ඇතුළු පස් දෙනෙකු පොලිසිය ඊයේ (16) මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන අද දින (17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විශ්ව කොඩිකාර සන්තකයේ කොකේන් මිලිග්‍රෑම් 1050 ක් ළඟ තබාගෙන සිටියදී සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය නඩු මෙහෙයුම් අංශය ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd