
(අංජුල මහික වීරරත්න)
කුඩා සහ මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි මාසය තුළ කඩිනමින් සිදු කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පළාත් සභා සඳහා 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව කීය.
පළාත් මට්ටමින් මේ වන විට සංවර්ධන ව්‍යාපෘති 30,923ක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒවායේ ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
මධ්‍යම රජය සහ පළාත් සභා එක් ප්‍රතිපත්තියක් තුළ, තම විෂය සීමාවට අයත් ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ජාතික ප්‍රතිපත්ති මත පිහිටා වැඩසටහන් සැලසුම් කිරීම මධ්‍යම රජයට පැවරෙන බවත්, ඒ මත ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම පළාත් සභා මට්ටමින් සිදුවිය යුතු බවත් පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd