(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම පතක් සකස් කිරීම පිණිස 2026-06-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලන කරණය, පාලනය කිරීම්, නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටු වීම සඳහාද, යහපාලනය, සුපිළිපන්න භාවය, විනිවිද භාවය, වගකිවයුතු භාවය, ඇතුළත් භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ද, සියලු සහභාගි වන්නන්ගේ සුබ සාධනය ආරක්ෂා කිරීම හා දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම් වලින් ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපනය කිරීම, බලතල සහ කර්තව්‍ය සඳහා නෛතික විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇත. එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.