
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම සඳහා වන බලපත්‍ර ලබන වසරේ ඔක්තෝබරයේ දී ලබා දෙන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඛනිජ තෙල් සම්පත් පනත යටතේ අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පිළිබද විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.
" ඛණිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය පිළිබඳව ආයෝජන කැඳවන අවස්ථාවේදී පරිපාලන තීන්දු ගැනීම,ඒවා ඇගයීමට ලක් කිරීම,ඒ ක්‍රියාවලියට සම්බන්ධ වන ආයතන සහ ඒවා ප්‍රදානය කරන ආකාරය පිළිබඳව නියමයන් ඉදිරිපත් කිරීම මේ ගැසට් නිවේදනය මගින් සිදුකර තිබෙනවා.මෙයින් විස්තර කරන්නේ ආයෝජන තෝරා ගැනීමේ ක්‍රියාවලියයි.
ඛනිජ තෙල් නිෂ්පාදනයේ ප්‍රධාන අදියර තුනක් අපට කතා කරන්න පුළුවන්.තෙල් හෝ ස්වභාවික වායු පවතින ප්‍රදේශ හඳුනා ගැනීම,ළිං කැනීම හරහා පාෂාණ සහ දැව සාම්පල් රැගෙන පරීක්ෂා කර තෙල් හා වායු කොතරම් ප්‍රමාණයක් තිබේදැයි ගවේෂණය කිරීම,වාණිජ වශයෙන් නිෂ්පාදනය කොතරම් හිතකරදැයි සලකා බැලීම යන පියවර මෙහිදී අනුගමනය කරනවා.මන්නාරම් ද්‍රෝණියේ තිබෙන වර්ග කිලෝමීටර් 33964ක ප්‍රදේශයේ කොටස් හතරකට බෙදා ආයෝජන යෝජනා කැඳවා තිබෙනවා.පසුගිය අගෝස්තුවේ ආයෝජන යෝජනා කැඳවීම ආරම්භ කළා.අදාළ සමාගම් වලට ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට මාස හයක කාලයක් ලබා දී තිබෙනවා.2027 පෙබරවාරියේ ලංසු කැඳවීම අවසන් කරනවා.2027 ඔක්තෝබර් මාසයේදී සාර්ථක ලංසුකරුවන් සමග ගිවිසුම් ගතවී අදාල කැණීම් බලපත්‍ර ලබාදීමට කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd