
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව ගන්න කොට ඍණ අගයක තිබූ උද්ධමනය මේ වන විට 8.1 ක් බවට පත් වී ඇතැයි පොදු ජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
"දැන් ඛනිජ තෙල් සම්පත් ගවේෂණය ගැන කට්ටිය හරි සතුටින් කතා කරනවා.එදා ගවේෂණය කරලා තැන් තුනකින් දෙකක එල්.එන්.ජී හම්බ වුණා කිව්වාම මේ අය හිනා වුණා.දැන් ඔබලා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න.ආණ්ඩුවට අවුරුදු දෙකයි කියල දැන් මහා උජාරුවෙන් කියනවා.නමුත් ඒ අයට අමතක වෙච්ච කාරණා බොහොමයක් තියෙනවා.ජනාධිපතිවරයා රට වටේ යනවා. හැබැයි ඒ ගිහිල්ලා කරන්නේ අලුත් බොරුවක් කියලා එන එක විතරයි.කියන්න කරපු දේවල් නැහැනේ. රට වටේ ෆෝ ජී කුළුණු දාහක් හදනවාලු.දැන් 5 ජී ඇවිත් තියෙන්නේ. ජනාධිපතිතුමාට ඒක පොඩ්ඩක් මතක් කරන්න.හදන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd