
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොහුවල විජයබා මාවත,නිවසකින් ගිනි අවි තුනක් හා මත්ද්‍රවය සමග පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
එහි දී හෙරොයින් ග්‍රෑම් 78 ක් හා ෂොට් කටස් වර්ගයේ ගිනි අවි 03 ක්, එම උණ්ඩ 08 ක් මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඉහත මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කලුබෝවිල අවිශ්ක යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය හසුරවනු ලබන අය බවට අනාවරණය කර ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 56 ක පුද්ගලයකු හා එම සැකකරුට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ආධාර අනුබල දුන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39 පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd