
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කළුතර මහ නගර සභාවේ සමගි ජන බලවේග අපේක්ෂකව සිටි බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු සහ ඊට අනුබල දුන් කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි.
වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදීය.
කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකාර වෙඩික්කරු 2025වර්ෂයේ දෙසැම්බර් මස 31 වෙනිදින කළුතර නා ගොඩ රෝහල තුළදී බන්ධනාගාර රැඳවියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම 2026 වර්ෂයේ ජනවාරි මස 09 වෙනිදින ඩේවල පොලිස් වසමේ හෝටලයක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා බව පොලිසිය කියයි.
කළුතර නාගොඩ හතරමංහන්දිය 89/2 ලිපිනයේ පදිංචි තෙන්නකෝන් ආරච්චිගේ බන්දුල ප්‍රසන්න මහතා ට ඉකුත් 07 වෙනිදින රාත්‍රී සහ ඉකුත් වසරේ මැයි මස 04 වෙනිදින ද නාඳුනන පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබූ අතර එදින ඔහු තුවාල ලබා රෝහල් ගත කෙරිණි .
ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 23-24පසු වන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතරසැකකාරිය බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තැනැත්තියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd